ශ්‍රී බුද්ධ වර්ෂ 2570 රාජ්‍ය වෙසක් මහෝත්සවය සහ වෙසක් සතිය – 2026

2026 මැයි මස 27 වන දින සිට ජුනි මස 02 වන දින දක්වා ප්‍රකාශයට පත් කර ඇති “වෙසක් සතිය” සහ රාජ්‍ය වෙසක් මහෝත්සවය සඳහා සැදැහැ සිතින් එක්වන ලෙස සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලය සියලු දෙනාටම ආරාධනා කර සිටී. මෙවර සමාරම්භක උත්සවය මාතර දිස්ත්‍රික්කයේ, තිහගොඩ, මිදෙල්ලවල පුරාණ විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වේ.

තේමාව: ‘අභිත්ථරෙථ කල්‍යාණෙ’ (පොදු යහපත පිණිස වහ වහා පෙළ ගැසෙමු)

වෙසක් සතියේ වැඩසටහන් පෙළගැස්ම:

  • මැයි 27: රාජ්‍ය වෙසක් උත්සවය හා වෙසක් සමාරම්භක වැඩසටහන්.

  • මැයි 28: “සෞඛ්‍ය සම්පන්න ජීවිතයක්” – වෛද්‍ය සායන, ලේ/ඇස් දන්දීමේ වැඩසටහන්.

  • මැයි 29: සාරධර්ම ප්‍රවර්ධන වැඩසටහන් – මත්ද්‍රව්‍ය නිවාරණ, උපදේශන හා ශ්‍රමදාන.

  • මැයි 30: වෙසක් පුර පසළොස්වක පොහොය – ප්‍රතිපත්තිමය පූජාවන්ට මුල්තැන දෙමින් පැවැත්වෙන සීල භාවනා පිංකම්.

  • මැයි 31: භික්ෂු හා සිල්මාතා ධාරිතා සංවර්ධන පුහුණු වැඩසටහන්.

  • ජුනි 01: අධ්‍යාත්මික සංවර්ධන වැඩසටහන් – ධර්ම දේශනා හා භාවනා.

  • ජුනි 02: ‘ක්ලීන් ශ්‍රී ලංකා’ – පරිසර සංරක්ෂණය, ශ්‍රමදාන සහ රුක් රෝපණ වැඩසටහන්.

සම්බුදු තෙමඟුල සැදැහැ සිතින් සමරමින්, බෞද්ධ සාරධර්මයන්ගෙන් පෝෂණය වූ සදාචාර සම්පන්න සමාජයක් ගොඩනැගීමට අපි ද එක්වෙමු!

යොමු ලේඛන

Similar Posts

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *