දහම් පාසල් වැඩිදියුණු කිරීම සහ පරිපාලනය

දහම් පාසල් වැඩිදියුණු කිරීම සහ පරිපාලනය කිරීම, ළමා / තරුණ පරම්පරාවට බෞද්ධ ඉගැන්වීම් සහ වටිනාකම් ඵලදායී ලෙස ලබා දීම සහතික කිරීම මගින් ශ්‍රී ලංකාව පුරා දහම් අධ්‍යාපන පද්ධතිය ශක්තිමත් කිරීම සඳහා බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ දහම් පාසල් අංශය පිහිටුවා ඇත. මෙම අංශය මගින් විහාරස්ථානවලට අනුබද්ධ දහම් පාසල් පිහිටුවීම, ලියාපදිංචි කිරීම සහ අධීක්ෂණය කිරීම සිදු කරනු ලබන අතර ඒවා ජාතික අධ්‍යාපන මාර්ගෝපදේශ සහ බුද්ධ ශාසනයේ අරමුණුවලට අනුකූලව ක්‍රියාත්මක වන බව සහතික කරයි. දහම් පාසල් ගුරුවරුන් සහ සිසුන් සඳහා පුහුණු වැඩසටහන් පැවැත්වීම, විභාග පැවැත්වීම සහ සහතිකපත්‍ර නිකුත් කිරීම, දහම් පාසල් ගුරුවරුන් හා සිසුන්ගේ තොරතුරු පවත්වාගෙන යාම. දහම් පාසල් විෂයමාලා සකස් කිරීම හා ක්‍රියාත්මක කිරීම සඳහා දෙපාර්තමේන්තුව පරිපාලනමය සහාය ලබා දෙයි. නව ඉගැන්වීම් ද්‍රව්‍ය,ඩිජිටල් සම්පත් සහ ශිෂ්‍යය හිතකාමී ඉගෙනුම් පරිසරය සංවර්ධනය කිරීමෙන් අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම කෙරෙහි අවධානය යොමු කරයි. නිතිපතා අධීක්ෂණය සහ ඇගයීම තුළින් ඉහළ ප්‍රමිතීන් පවත්වා ගැනීමට සහ නාගරික සහ ග්‍රාමීය වශයෙන් දහම් පාසල් වර්ධනය හා වැඩිදියුණු කිරීම සඳහා සමාන අවස්ථා ලැබෙන බව සහතික කිරීම. මෙම සේවාව හරහා බෞද්ධ මූලධර්ම මත පදනම් වූ විනයගරුක, දයානුකම්පිත සහ දැනුමැති පුද්ගලයින් පෝෂණය කිරීම හා එමඟින් සදාචාරාත්මක සංවර්ධනය, ප්‍රජා සහජීවනය සහ ශ්‍රී ලංකාවේ දහම් අධ්‍යාපන සම්ප්‍රදායය දිගු කාලීනව සංරක්ෂණය කිරීම, ප්‍රවර්ධනය කිරීම අරමුණ වේ.

දහම් පාසල් අංශයේ සේවා

01. දහම් පාසල් ගුරුවරුන් සඳහා නිල ඇඳුම් දීමනාව ලබා දීම

  1. බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව විසින් සපයනු ලබන දහම් පාසල් ගුරුවරුන් සහ සිසුන් පිළිබඳ සංඛ්‍යාව විස්තර ඇතුළත් ගුරු සිසු ලේඛනය බෞද්ධ කටයුතු නිලධාරියා පරික්ෂාකර ප්‍රාදේශීය ලේකම් / දිස්ත්‍රික් ලේකම් හරහා බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් වෙත ඉදිරිපත් කිරීම
  2. දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෞද්ධ නිලධාරීන් විසින් හා බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලයේදී ලේඛනවල නිරවද්‍යතාව සත්‍යාපනය කිරීමෙන් අනතුරුව, සුදුසුකම් සපුරාලන දහම් පාසල් ගුරුවරුන් වෙත නිල ඇඳුම් ලබා දීමට බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් විසින් තීරණය කරනු ලැබේ.
  • සුදුසුකම්: අදාළ ගුරුවරයා බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි දහම් පාසලක ලිත් වර්ෂයක අඛණ්ඩ සේවා කාලයක් සම්පූර්ණ කර තිබිය යුතුය.
  • අවම අවශ්‍යතාව: සේවයට බැඳෙන අවස්ථාවේ වයස අවුරුදු 18ක් විය යුතුය.

02. දහම් පාසල් පුස්තකාල දීමනාව ලබා දීම

  1. බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව විසින් සපයනු ලබන දහම් පාසල් ගුරුවරුන් සහ සිසුන් පිළිබඳ සංඛ්‍යාව විස්තර ඇතුළත් ගුරු සිසු ලේඛනය බෞද්ධ කටයුතු නිලධාරියා පරික්ෂාකර ප්‍රාදේශීය ලේකම් / දිස්ත්‍රික් ලේකම් හරහා බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් වෙත ඉදිරිපත් කිරීම
  2. දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෞද්ධ කටයුතු නිලධාරීන් විසින් හා බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේදී ගුරු සිසු ලේඛනවල නිරවද්‍යතාව සත්‍යාපනය කිරීමෙන් අනතුරුව, සුදුසුකම් සපුරාලන දහම් පාසල් ගුරුවරුන්ට පුස්තකාල දීමනාව ලබා දීම සඳහා බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා විසින් තීරණය කරනු ලැබේ.

සටහන: ඉහත සඳහන් කරුණු සම්බන්ධයෙන් වන සියලුම අභියාචනා හෝ සංශෝධන අදාළ වර්ෂය තුළ ප්‍රාදේශීය ලේකම් හෝ දිස්ත්‍රික් ලේකම් හරහා බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළ යුතුය.

03. දහම් පාසල් ලියාපදිංචි කිරීම

  • දහම් පාසල් ලියාපදිංචි අයදුම්පත (ආකෘතිය 01) සම්පූර්ණ කර බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කිරීම.
  • දහම් පාසල් ගුරුවරුන්ගේ නම්, ලිපිනයන්, හැඳුනුම්පත් අංක සහ අධ්‍යාපන සුදුසුකම් ඇතුළත් ලේඛනයක් අමුණා තිබිය යුතුය. (අයදුම්පත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් සහ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවෙන් හා dba.gov.lk වෙබ් අඩවියෙන් ද ලබා ගත හැකිය.)

04. දහම් පාසල් පෙළපොත් සංස්කරණය සහ මුද්‍රණය

  1. ඉදිරි වසර සඳහා පෙළපොත් අවශ්‍යතා ගුරු සිසු ලේඛණය අනුව හඳුනා ගැනීමෙන් පසු,එම පොත් මුද්‍රණය කිරීම සඳහා මිල ගණන් කැඳවනු ලැබේ
  2. සුදුසු ආයතනයක් තෝරා ගැනීම සහ මුද්‍රණය සඳහා බාර දීම
  3. කඩිනමින් මුද්‍රණය සඳහා අවශ්‍ය සම්බන්ධීකරණය සිදු කිරීම, මුද්‍රණය අවසන් කිරීම සහ පොත් ගබඩාවට බාර දීම
  4. මුද්‍රණ වියදම් පියවීමට අවශ්‍ය පියවර ගැනීම

05. දහම් පාසල් පෙළපොත් දෙමළ සහ ඉංග්‍රීසි භාෂාවලට පරිවර්තනය කිරීම සහ මුද්‍රණය කිරීම

  1. නව විෂය මාලාවට අනුව සකස් කරන ලද දහම් පාසල් පෙළපොත් දෙමළ සහ ඉංග්‍රීසි භාෂාවලට පරිවර්තනය කිරීම
  2. දහම් පාසල් පෙළපොත් උපදේශක මණ්ඩලයේ අනුමැතිය ඇතිව, අදාළ භාෂා පිළිබඳ ප්‍රවීණ ලේඛකයෙකුට පරිවර්තන කාර්යය බාර දීම
  3. පරිවර්තනය කරන ලද පෙළපොත් ඉක්මනින් මුද්‍රණය කිරීම සඳහා අවශ්‍ය සම්බන්ධීකරණය සිදු කිරීම, මුද්‍රණය අවසන් කිරීම සහ පොත් ගබඩාවට බාර දීම
  4. මුද්‍රණ වියදම් පියවීමට අවශ්‍ය පියවර ගැනීම

06. දහම් පාසල් පෙළපොත් / ගුරු අත්පොත් / දහම් පාසල් කලමනාකරණ පොත් / ගුරු පැමිණීමේ ලේඛන / ශිෂ්‍ය නාම ලේඛන සැපයීම

  1. බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව විසින් සපයනු ලබන දහම් පාසල් ගුරුවරුන් සහ සිසුන් පිළිබඳ සංඛ්‍යාව විස්තර ඇතුළත් ගුරු සිසු ලේඛනය බෞද්ධ කටයුතු නිලධාරියා පරික්ෂා කර ප්‍රාදේශීය ලේකම් / දිස්ත්‍රික් ලේකම් හරහා බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් වෙත ඉදිරිපත් කිරීම
  2. දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරීන් විසින් සහ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේදී ගුරු සිසු ලේඛනවල නිරවද්‍යතාව තහවුරු කිරීමෙන් පසු සුදුසුකම් ලත් දහම් පාසල් සඳහා පෙළ පොත් ලබා දීමට බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා විසින් තීරණය කරනු ලැබේ.

සටහන: ඉහත සඳහන් කරුණු සම්බන්ධයෙන් වන සියලුම අභියාචනා හෝ සංශෝධන අදාළ වර්ෂය තුළ ප්‍රාදේශීය ලේකම් හරහා බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළ යුතුය.

07. දහම් පාසල් 06 – 10 ශ්‍රේණි විභාග පැවැත්වීම

  1. සෑම වසරකම මාර්තු අවසානයට පෙර, දෙපාර්තමේන්තුව විසින් මුද්‍රිත අයදුම්පත්,ප්‍රාදේශීය ශාසන ආරක්ෂක මණ්ඩලයේ ගරු ලේඛකාධිකාරී හිමියන් හරහා ලියාපදිංචි දහම් පාසල් වෙත නිකුත් කරනු ලැබේ.
  2. ශ්‍රේණි විභාග මධ්‍යස්ථාන පිළිබඳ තොරතුරු ජූලි මස අවසානයට පෙර ගරු ලේඛකාධිකාරී හිමියන්ගෙන් ලබා ගත හැකිය.
  3. විභාගය පැවැත්වීමට අදාළ චක්‍රලේඛ සහ උපදෙස් සැප්තැම්බර් මස අවසානයට පෙර නිකුත් කරනු ලැබේ.
  4. නොවැම්බර් මාසයේදී ප්‍රශ්න පත්‍ර සහ ලිපි ද්‍රව්‍ය ගරු ලේඛකාධිකාරි හිමියන්ට බාර දී විභාගය පවත්වනු ලැබේ.

08. ලියාපදිංචි දහම් පාසලක නම වෙනස් කිරීම

  • ප්‍රධානාචාර්යවරයා විසින් ලිඛිත ඉල්ලීමක් ඉදිරිපත් කළ යුතුය.
  • කලින් ලියාපදිංචි සහතිකය දෙපාර්තමේන්තුවට ආපසු බාර දිය යුතුය.
  • ප්‍රාදේශීය ලේකම්වරයාගේ නිර්දේශය ලබා ගත යුතු ය.
  • ශාසනාරක්ෂක මණ්ඩලයේ ගරු ලේඛකාධිකාරී හිමියන්ගේ නිර්දේශය ලබා ගත යුතු ය.

09. අස්ථානගත වූ දහම් පාසල් සහතිකයක් සඳහා අනුරූපක දහම් පාසල් සහතිකයක් ලබා ගැනීම

  • ප්‍රධානාචාර්යවරයා විසින් ලිඛිත ඉල්ලීමක් ඉදිරිපත් කළ යුතුය.
  • අලාභය පිළිබඳ තොරතුරුවල නිරවද්‍යතාව තහවුරු කරමින් ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලයේ ගරු ලේඛකාධිකාරී හිමියන්ගෙන් සහ ප්‍රාදේශීය ලේකම්වරයාගෙන් ලිඛිත නිර්දේශය ලබා ගත යුතු ය.
  • දහම් පාසල් සහතිකය නැතිවීම සම්බන්ධයෙන් සාම විනිසුරුවරයෙකුගෙන් දිවුරුම් ප්‍රකාශයක් ලබා ගත යුතුය.

10. දහම් පාසල් ගුරුවරුන් සඳහා වාර්ෂික ගුරු සහතික විභාගය

       ගුරු සහතික විභාගය සඳහා සුදුසුකම්:

  1. වයස අවුරුදු 18ට වැඩි විය යුතුය.
  2. බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි දහම් පාසලක මාස හයක සේවා කාලයක් තිබිය යුතුය.
  3. අයදුම්පත නිසි පරිදි සම්පූර්ණ කළ යුතුය.
  • අදාළ විභාගය පිළිබඳ නිවේදනය සෑම වසරකම පෙබරවාරි / මාර්තු මාසවලදී ප්‍රකාශයට පත් කෙරේ.
  • අවශ්‍ය සුදුසුකම් සපුරා ඇති අයදුම්කරුවන් වෙත ප්‍රවේශ පත්‍ර මැයි මාසයේදී තැපැල් කරනු ලැබේ.
  • විභාගය නිවේදනය කරන ලද දිනයේ පවත්වනු ලැබේ.
  • අදාළ වසරේ අගෝස්තු මාසය අවසන් වීමට පෙර ප්‍රතිඵල නිකුත් කරනු ලැබේ.

11. දහම් පාසල් ශිෂ්‍ය නිපුණතා ඇගයීමේ වැඩසටහන (ප්‍රාදේශීය / දිස්ත්‍රික් / සමස්ත ලංකා)

  1. දහම් පාසල තුළ සිසු නිපුණතා ඇගයීම පැවැත්වීම, ප්‍රාදේශීය ශිෂ්‍ය නිපුණතා ඇගයීම සඳහා සිසුන් තෝරා ගැනීම සහ ප්‍රාදේශීය සිසු නිපණතා ඇගයීම සඳහා පෙනී සිටින ශිෂ්‍ය නාම ලේඛනය ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලවල ගරු ලේඛකාධිකාරී හිමිවරුන් වෙත ඉදිරිපත් කිරීම (ඇමුණුම 1)
  2. ප්‍රාදේශීය සිසු නිපුණතා ඇගයීම සඳහා තෝරාගත් ශිෂ්‍ය නාම ලේඛනය , අවශ්‍ය ප්‍රශ්න පත්‍ර සංඛ්‍යාව සහ ලිපි ද්‍රව්‍ය බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයාට දැනුම් දීම
  3. බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව මගින් ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩල සඳහා ප්‍රාදේශීය සිසු නිපුණතා ඇගයීම සඳහා අවශ්‍ය ලිපි ද්‍රව්‍ය, සහතික සහ අවශ්‍ය ප්‍රශ්න පත්‍ර ලබා දීම
  4. ප්‍රාදේශීය සිසු නිපුණතා ඇගයීම පැවැත්වීම
  5. දිස්ත්‍රික් සිසු නිපුණතා ඇගයීම සඳහා ප්‍රාදේශීය සිසු නිපුණතා ඇගයීම්වලින් තෝරාගත් ශිෂ්‍ය නාම ලේඛනය, ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලයේ ගරු ලේඛකාධිකාරී හිමිපාණන් වහන්සේ විසින් දිස්ත්‍රික් ශාසනාරක්ෂක මණ්ඩලයේ ගරු ලේඛකාධිකාරී හිමිපාණන් වහන්සේ වෙත සහ බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා වෙත යවනු ලැබේ (ඇමුණුම 02).
  6. දිස්ත්‍රික් සිසු නිපුණතා ඇගයීම සඳහා අවශ්‍ය ලිපි ද්‍රව්‍ය, සහතිකපත් සහ ප්‍රශ්න පත්‍ර බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව මගින් දිස්ත්‍රික් ශ‌ාසනාරක්ෂක මණ්ඩලයේ ගරු ලේඛකාධිකාරි හිමියන් වෙත ලබා දීම
  7. දිස්ත්‍රික් ශිෂ්‍ය නිපුණතා ඇගයීම් පැවැත්වීම
  8. සමස්ත ලංකා දහම් පාසල් සිසු නිපුණතා ඇගයීම පැවැත්වීම සඳහා දිස්ත්‍රික් සිසු නිපුණතා ඇගයීම්වලින් තෝරාගත් ශිෂ්‍ය නාම ලේඛනයදිස්ත්‍රික් ශාසනාරක්ෂක මණ්ඩලවල ගරු ලේඛකාධිකාරී හිමිවරු විසින් බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් වෙත යවනු ලැබේ. (ඇමුණුම 03)
  9. සමස්ත ලංකා දහම් පාසල් ශිෂ්‍ය නිපුණතා ඇගයීම පැවැත්වීම

12. දහම් පාසල් ගුරු පුහුණු වැඩමුළු පැවැත්වීම

  1. යහපත් දරු පරපුරක් සමාජගත කිරීම සඳහා මඟ පෙන්වන දහම් පාසල් ගුරුවරයා මනා විනයක් සහිත හික්මුණු අයෙකු බවට පත් කරලීම
  2. යහපත් මානසික සංවර්ධනයක් සඳහා භාවනාව දිවියට හුරුකර ගත් පිරිසක් බවට දහම් පාසල් ගුරුවරුන් පත් කිරීම
  3. ගමයි පන්සලයි එක්කිරීමේ සම්බන්ධීකාරකයන් බවට දහම් පාසල් ගුරුවරයා පත් කිරීම
  4. දහම් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ ප්‍රායෝගික ක්‍රියාකාරකම් ඔස්සේ ඉගැන්වීම් කටයුතු සිදු කිරීමට දහම් පාසල් ගුරුවරයා යොමු කරවීම
  5. බෞද්ධ අධ්‍යාපනයේ අනන්‍ය භාවිතයන් වන පාලි අභිධර්මය භාවනා යන විෂයන් පිළිබඳ අවබෝධය ලබා දීම

13. දහම් පාසල් ගුරුවරුන් සඳහා හැඳුනුම්පත් නිකුත් කිරීම

  1. නිසි පරිදි සම්පූර්ණ කරන ලද අයදුම්පත
  2. ශාසන ආරක්ෂක මණ්ඩලයේ ගරු ලේඛකාධිකාරී හිමියන්ගේ සහ ප්‍රාදේශීය ලේකම්වරයාගේ නිර්දේශය
  3. වසරකට වැඩි සේවා කාලයක් සම්පූර්ණ කිරීම
  4. විදේශ ගමන් බලපත්‍ර ප්‍රමාණයේ ඡායාරූප දෙකක් ඉදිරිපත් කිරීම.

14. සංක්ෂිප්ත ත්‍රිපිටක ග්‍රන්ථ සම්පාදනය

  1. සංක්ෂිප්ත ත්‍රිපිටක ග්‍රන්ථ සම්පාදක මණ්ඩලය විසින් 2500 බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ සරල සිංහල භාෂාවට පරිවර්තනය කරනු ලැබේ.
  2. සරල සිංහල භාෂාවට පරිවර්තනය කරනු ලබන ග්‍රන්ථ මුද්‍රණය කිරීම සඳහා ඇස්තමේන්තු කැඳවා රජයේ මුද්‍රණාලයට බාරදීම,
  3. රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවට බාර දුන් සංක්ෂිප්ත ත්‍රිපිටක ග්‍රන්ථවල සෝදුපත් කියවීම, මුද්‍රණයෙන් පසු වේයංගොඩ ගබඩාවට බාර දීම

15. දහම් සරසවි ඩිප්ලෝමා පාඨමාලාව

(ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය හෝ ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය සමඟ ඒකාබද්ධව පවත්වනු ලැබේ.)

  1. දහම් සරසවි ඩිප්ලෝමා පාඨමාලාවට සුදුසුකම් ඇති අයදුම්කරුවන් බඳවා ගැනීමට පුවත්පත් දැන්වීමක් මඟින් අයදුම්පත් කැඳවීම
  2. සුදුසුකම් ඇති අයදුම්කරුවන් සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවීම
  3. වසර දෙකක අඛණ්ඩ සේවා සහතිකය
  4. අධ්‍යාපන සහතිකවල ඡායා පිටපත්
  5. විදේශ ගමන් බලපත්‍ර ප්‍රමාණයේ ඡායාරූප දෙකක්

16. අන්තර් ආගමික සහයෝගීතා වැඩසටහන

  • බෞද්ධ, හින්දු, ඉස්ලාම් සහ ක්‍රිස්තියානි ආගම් නියෝජනය කරන වයස අවුරුදු 12 සිට 14 දක්වා ළමයින්ගේ සහභාගීත්වයෙන් තෝරාගත් දිස්ත්‍රික්කයක වැඩසටහන පැවැත්වීම
  • එක් එක් ආගමට අදාළ ආගමික ලක්ෂණ සහ සංස්කෘතික අංග හුවමාරු කර ගැනීම

අදාළ අංශ

බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව යනු විහාරස්ථාන, පූජක පක්ෂය සහ ප්‍රජා සේවාවන්හි මග පෙන්වීම තුළින් ශ්‍රී ලංකාවේ ථෙරවාද බෞද්ධ සම්ප්‍රදාය ආරක්ෂා කිරීම, ප්‍රවර්ධනය කිරීම සහ පරිපාලනය කිරීම සඳහා වගකිව යුතු මධ්‍යම රජයේ ආයතනයයි.

Home

About Us

Services

Media

Contacts

FAQ

සම්බන්ධතා තොරතුරු

දහම්පාය, අංක 135, ශ්‍රීමත් අනගාරික ධර්මපාල මාවත, කොළඹ 7.

+94 11 2307674
+94 11 2307694

සඳුදා සිට සිකුරාදා දක්වා
පෙ.ව. 08.30 - ප.ව. 4:15

dba.gov.lk@gmail.com