mßmd,k wxYh

පරිපාලන අංශය

දෙපාර්තමේන්තුවේ පරිපාලන අංශය මගින් ආයතනයේ අභ්‍යන්තර පරිපාලනයට අදාළ රාජකාරි ඉටු කරනු ලබයි. එහි ප්‍රධාන කාර්යයන් පහත දැක්වේ:

පුද්ගල ලිපිගොනු කළමනාකරණය

  • දෙපාර්තමේන්තුවේ සියලුම නිලධාරීන්ගේ පෞද්ගලික ලිපිගොනු පවත්වාගෙන යාම සහ යාවත්කාලීන කිරීම.

  • වැටුප් වර්ධක ලබා දීම.

  • නිලධාරීන්ගේ දේපළ ණය සඳහා නිර්දේශ ලබා දීම.

  • වැන්දඹු හා අනත්දරු විශ්‍රාම වැටුප් ක්‍රමය (W&OP) යටතේ ලියාපදිංචි කිරීම.

  • රජයේ නිලධාරීන්ගේ රක්ෂණ කටයුතු සහ පුහුණු කටයුතු මෙහෙයවීම.

ප්‍රවාහන කළමනාකරණය

  • වාහන අලුත්වැඩියාව සහ සේවා කටයුතු (Servicing) සිදු කිරීම.

  • නිල රාජකාරි සඳහා වාහන යෙදවීම සහ වාහන රක්ෂණ කටයුතු.

  • ධාවන සටහන්/ලොග් පොත් පරීක්ෂා කිරීම සහ ඉන්ධන පාරිභෝජනය අධීක්ෂණය කිරීම.

  • ආදායම් බලපත්‍ර ලබා ගැනීම සහ වාහනවලට ඉන්ධන ලබා ගැනීම.

ආයතනික කටයුතු

  • දෙපාර්තමේන්තුව තුළ නව තනතුරු ඇති කිරීම.

  • නිලධාරීන්ගේ පැමිණීම සහ පිටවීම අධීක්ෂණය කිරීම.

  • නිලධාරීන්ගේ නිවාඩු අයදුම්පත්වලට අදාළ රාජකාරි ඉටු කිරීම.

  • දුම්රිය බලපත්‍ර (Warrants) නිකුත් කිරීම.

  • අතිකාල දීමනා සහ ගමන් වියදම්වලට අදාළ වවුචර් ලබා ගැනීම සහ අනුමත කිරීම.

  • නිලධාරීන් විදේශ නිවාඩු ලබා ගැනීම සහ මාතෘ නිවාඩු ලබා දීම සම්බන්ධ රාජකාරි.

  • පරිවාස කාලය අවසන් වූ සංවර්ධන නිලධාරීන්ගේ සේවය ස්ථිර කිරීම.

  • කණිෂ්ඨ කාර්ය මණ්ඩලය සඳහා කාර්යක්ෂමතා කඩඉම් (EB) විභාග පැවැත්වීම.

  • නිල රාජකාරි සඳහා විදේශගත වන නිලධාරීන් වෙනුවෙන් එම කාලසීමාව සඳහා දීමනා ලබා දීම.

  • කාර්ය මණ්ඩලය පුහුණු පාඨමාලා සහ වැඩමුළු සඳහා යොමු කිරීම.

  • ජලය, විදුලිය, දුරකථන සහ පුවත්පත් බිල්පත් ගෙවීමට අදාළ සියලු රාජකාරි.

  • තැපැල් කටයුතු සහ දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ සියලු පරිපාලනමය කරුණු.

  • බඳවා ගැනීම්, බඳවා ගැනීමේ පටිපාටි සකස් කිරීම, කාර්ය මණ්ඩල වෙනස්වීම් යාවත්කාලීන කිරීම, පාර්ලිමේන්තු වාර්තා සහ කැබිනට් පත්‍රිකා සකස් කිරීම ඇතුළු සියලු ආයතනික කරුණු.

  • නිලධාරීන්ගේ විනය පාලනයට අදාළ රාජකාරි.

  • ආපදා ණය (Distress Loans) සහ දේපළ ණය අනුමත කිරීම.

  • නිලධාරීන්ගේ ස්ථාන මාරුවීම් සහ අනුයුක්ත කිරීම්වලට අදාළ සියලු කරුණු.

  • නිලධාරීන්ගේ අග්‍රහාර රක්ෂණ කටයුතු.

  • පරිපාලනමය කරුණු සම්බන්ධයෙන් වෙනත් ආයතන සමඟ කටයුතු කිරීම.

  • දුරකථන, පරිගණක, ඡායා පිටපත් යන්ත්‍ර, ෆැක්ස් යන්ත්‍ර සහ වායුසමීකරණ යන්ත්‍ර ඇතුළු සියලු උපකරණ නඩත්තු කිරීම මෙන්ම ගොඩනැගිලි නඩත්තුව සහ අලුත්වැඩියාව (මහානායක චාරිකාරාමය, මහනුවර, රත්නපුර සහ කුරුණෑගල ප්‍රාදේශීය කාර්යාල ඇතුළුව).

  • කාර්ය මණ්ඩල නිලධාරීන් සහ අංශ ප්‍රධානීන්ගේ රැස්වීම් පැවැත්වීම.

  • දිස්ත්‍රික් බෞද්ධ කටයුතු සම්බන්ධීකරණ නිලධාරී කළමනාකරණ රැස්වීම් සහ ඊට අදාළ ක්‍රියාකාරකම් පැවැත්වීම.

  • රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ සහ අනෙකුත් සියලු චක්‍රලේඛවලට අදාළ කටයුතු පවත්වාගෙන යාම සහ මෙහෙයවීම.

  • මැතිවරණ රාජකාරි සඳහා නිලධාරීන් යෙදවීමට අදාළ කරුණු.

  • නිල හැඳුනුම්පත් සකස් කිරීම.

  • කණිෂ්ඨ කාර්ය මණ්ඩලය සඳහා නිල ඇඳුම් සැපයීම.

  • ප්‍රධාන රාජකාරි පැවරීම සහ කාර්ය මණ්ඩල ප්‍රතිසංවිධාන කටයුතු.

The Relevant Officer

The Department of Buddhist Affairs is the central government institution responsible for safeguarding, promoting, and administering the Theravāda Buddhist tradition in Sri Lanka through the guidance of temples, clergy, and community services.

Home

About Us

Services

Media

Contacts

FAQ

CONTACT INFO

Dahampaya, No. 135, Srimath Anagarika Dharmapala Mawatha, Colombo 7.

+94 11 2307674
+94 11 2307694

Monday to Friday 08.30am - 4:15pm

dba.gov.lk@gmail.com