සර්වඥ ධාතූන් වහන්සේලාට උපහාර දැක්වීමේ උත්සවය
ByAdmin
2330 (2022) පොසොන් උත්සවය නිමිත්තෙන් ජාතික උරුමයන් සුරැකීමේ සංවිධානය විසින් යාපනය ශ්‍රී නාග විහාරයේදී සර්වඥ ධාතු ප්‍රදර්ශනයක් සංවිධානය කර ඇත. 2022.06.10 වන දින කොළඹ 07, බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ පරිශ්‍රයේදී සර්වඥ ධාතූන් වහන්සේ වෙත උපහාර පිදීමක් සිදු කරන ලදී.
මෙම අවස්ථාවට බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක, අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ, බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම යන මහත්වරු ද සහභාගි වූහ.
පෙරවරු 8.00 ට සර්වඥ ධාතූන් වහන්සේ කොළඹ 02, ගංගාරාම විහාරස්ථානයේ බේරේ වැව මායිම වෙත පෙරහැරකින් වැඩම කරවා විශේෂ පූජාවක් ද පවත්වන ලදී. මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි, හුණුපිටිය ගංගාරාමාධිපති ආචාර්ය කිරින්දේ අස්සජි හිමි ඇතුළු මහා සංඝරත්නය විසින් විශේෂ පූජාව පවත්වන ලදී.
