uykqjr m%dfoaYSh ld¾hd,h

මහනුවර ප්‍රාදේශීය බෞද්ධ කටයුතු කාර්යාලය

මෙම කාර්යාලය මහනුවර, මාතලේ, නුවරඑළිය, කෑගල්ල සහ බදුල්ල යන දිස්ත්‍රික්කවල (බදුල්ල දිස්ත්‍රික්කයේ මුතියංගණ රජමහා විහාරය, මහියංගණ රජමහා විහාරය, බෝගොඩ රජමහා විහාරය සහ මහියංගණ සුමන දේවාලය ඇතුළුව) නිල රාජකාරි ආවරණය කිරීම සඳහා වගකීම දරයි. මෙයට බෞද්ධ විහාර දේවාලගම් පනතේ 4(1) සහ 4(2) වගන්ති යටතේ පාලනය වන පූජනීය ස්ථාන 91ක් (විහාරස්ථාන 72ක් සහ දේවාල 19ක්) මෙන්ම තවත් පූජනීය ස්ථාන 2,580ක් ඇතුළත් වේ.

තවද, මෙම කාර්යාලය දෙපාර්තමේන්තුව හා සම්බන්ධ වෙමින් ප්‍රාදේශීය මට්ටමින් වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කරයි:

  • විහාරස්ථාන සංවර්ධන කටයුතු.

  • දහම් පාසල් සිසුන් සහ ගුරුවරුන් සම්බන්ධ කරුණු.

  • බෞද්ධ සමිති සහ සංගම්වලට අදාළ කටයුතු.

  • බෞද්ධ ප්‍රජාවගේ ආධ්‍යාත්මික සංවර්ධනය සඳහා දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කරනු ලබන විවිධ වැඩසටහන්.

  • විහාරස්ථාන සතු හඳුනා නොගත් ඉඩම් හඳුනාගෙන විධිමත් බදු දීමනා ලබා දීම සහ බෞද්ධ පූජනීය ස්ථාන සහ පොදු මහජනතාව අතර සුහදතාවය වර්ධනය කිරීම.

මහනුවර ප්‍රාදේශීය බෞද්ධ කටයුතු කාර්යාලයේ ප්‍රධාන කාර්යයන්

  • ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේ තේරීමේ මැතිවරණ ක්‍රියාවලිය සහ සතර මහා දේවාල (විෂ්ණු, කතරගම, නාථ සහ පත්තිනි) ඇතුළු ඒ අවට දේවාලවල බස්නායක නිලමේවරුන් පත් කිරීමේ කටයුතු මෙහෙයවීම.

  • පාලිත විහාර සහ දේවාල සඳහා භාරකරුවන් පත් කිරීම.

  • භාරකරුවන්ගේ ඇප මුදල් තැන්පත් කිරීම සහ නිදහස් කිරීම.

  • පූජනීය ස්ථානවල දේපළ භාරකරුවන් වෙත පැවරීම.

  • විහාර සහ දේවාල සතු ඉඩම් බදු දීම.

  • ප්‍රවේණි හිමිකම් පැවරීම සම්බන්ධ වාර්තා පවත්වාගෙන යාම.

  • වාර්ෂික ගිණුම් වාර්තා ලබා ගැනීම සහ ඒවා පරීක්ෂා කිරීම.

  • පූජනීය ස්ථාන සතු අරමුදල් නිදහස් කිරීම.

  • බදු දී ඇති විහාර ඉඩම්වල ගැටලු සම්බන්ධයෙන් මැදිහත්කරුවෙකු ලෙස ක්‍රියා කිරීම.

  • විහාරස්ථාන ආරවුල් සම්බන්ධ කටයුතු මෙහෙයවීම.

  • ශ්‍රී දළදා පෙරහැර සහ උපසම්පදා කර්ම සඳහා සහාය වීම.

  • දහම් පාසල් උත්සව සහ අනෙකුත් ආගමික වැඩසටහන් සඳහා සහභාගී වීම සහ සහාය වීම.

  • දළදා මාළිගාව, සතර මහා දේවාල සහ අනෙකුත් පූජනීය ස්ථානවල පවත්වනු ලබන සාම්ප්‍රදායික චාරිත්‍රානුකූල උත්සව සඳහා සහභාගී වීම සහ සහාය වීම.

මහනුවර ප්‍රාදේශීය බෞද්ධ කටයුතු කාර්යාලයේ අනාගත අරමුණු

  • ඉඩම් තොරතුරු පද්ධතිය විධිමත් කිරීම: විහාර ඉඩම් පිළිබඳ තොරතුරු බොහෝ විට පවතින්නේ භාරකරුවන් සතුව පමණක් බැවින්, කාර්යාලය සතුව නිසි වාර්තා නොමැතිකමින් පැන නගින ගැටලු විසඳීම සඳහා 4(1) යටතේ පාලනය වන ඉඩම්වල කොමසාරිස් පොතේ (Commissioner’s Book) පිටපත් සහ මුල් මිනින්දෝරු සැලසුම් ලබා ගැනීමේ වැඩසටහනක් ආරම්භ කර ඇත.

  • දැනුවත් කිරීමේ වැඩසටහන්: පූජනීය ස්ථානවල භාරකරුවන් සහ එම ඉඩම්වල පදිංචිකරුවන් දැනුවත් කිරීමේ වැඩසටහන් මෙම වසර තුළ ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිතය.

  • බදු ගෙවීමේ ගැටලු විසඳීම: පවතින ආර්ථික තත්ත්වය හමුවේ බදු මුදල් නියමිත වේලාවට නොගෙවීම වැනි ගැටලු පවතින බැවින්, පූජනීය ස්ථාන නඩත්තු කිරීම සඳහා අවශ්‍ය ආදායම වැඩිකර ගැනීමට බදු ගෙවන්නන්ගේ ආකල්පමය වෙනසක් ඇති කිරීමේ වැඩසටහන් සැලසුම් කර ඇත.

  • පරිගණකගත දත්ත පද්ධතියක් හඳුන්වා දීම: භාරකරුවන් මාරු වීමේදී තොරතුරු අස්ථානගත වීම වැළැක්වීම සඳහා 4(1) යටතේ පාලනය වන පූජනීය ස්ථාන 91 සඳහා ඒකීය ආකෘතියක පරිගණකගත දත්ත පද්ධතියක් හඳුන්වා දීමට නියමිතය.

  • වාර්තා පවත්වාගෙන යාම පිළිබඳව භාරකරුවන් පුහුණු කිරීම: 1931 අංක 19 දරන බෞද්ධ විහාර දේවාලගම් පනතේ 35 වගන්තිය අනුව භාරකරුවන් විසින් නිවැරදි ගිණුම් පවත්වා ගත යුතුය. විගණන විමසුම් අවම කිරීම සඳහා ස්ථාවර දේපළ ලේඛනය, චංචල දේපළ ලේඛනය සහ මුදල් පොත පවත්වාගෙන යාම පිළිබඳව භාරකරුවන් දැනුවත් කිරීමට සැලසුම් කර ඇත.

  • නීත්‍යානුකූල බදු දීම සහ ඉඩම් ආරක්ෂාව: විහාර ඉඩම් අවභාවිතය වැළැක්වීමට සහ අයිතිය තහවුරු කිරීමට පදිංචිකරුවන් නීත්‍යානුකූල බදු ගිවිසුම්වලට යොමු කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කෙරේ.

  • නේවාසික බදු ඉඩම් වාණිජ කටයුතු සඳහා භාවිත කිරීම: නේවාසික පදනමින් ලබාගත් ඉඩම්වල ව්‍යාපාරික කටයුතු සිදුකරන පිරිස් හඳුනාගෙන, තක්සේරු දෙපාර්තමේන්තුවේ අගය කිරීම් අනුව බදු මුදල් සංශෝධනය කිරීමේ වැඩසටහනක් 2025 වසරේදී අනෙකුත් විහාරස්ථාන සඳහා ද ව්‍යාප්ත කිරීමට නියමිතය.

  • බදු ඔප්පු සකස් කිරීමේ ජංගම සේවා: බදුල්ල මුතියංගණ රජමහා විහාරයේ සාර්ථකව පවත්වන ලද ජංගම සේවාවට සමානව, 2025 වසරේදී තවත් පාලිත පූජනීය ස්ථාන කිහිපයක මෙවැනි ජංගම සේවා පවත්වා බදු ඔප්පු සකස් කිරීම කඩිනම් කිරීමට අපේක්ෂිතය.

  • විස්තීර්ණ තොරතුරු වාර්තාවක් සකස් කිරීම: පාලිත පූජනීය ස්ථාන 91 පිළිබඳ ඡායාරූප, භාරකරුවන්ගේ විස්තර, ඉඩම් ප්‍රමාණයන් ඇතුළත් සවිස්තරාත්මක වාර්තාවක් මෙම වසරේ සම්පාදනය කෙරේ. එසේම, තෝරාගත් විහාරස්ථානවල ශ්‍රමදාන සහ සංවර්ධන කටයුතු රාජ්‍ය ආයතනවල සහාය ඇතිව සිදු කිරීමට නියමිතය.

  • ගූගල් මැප් (Google Map) තාක්ෂණය භාවිතය: බාහිර පාර්ශ්වයන්ට සහ බදු අයදුම්කරුවන්ට විහාර ඉඩම් පහසුවෙන් හඳුනා ගැනීම සඳහා ගූගල් මැප් තාක්ෂණය උපයෝගී කර ගැනීමට අපේක්ෂා කෙරේ.

The Relevant Officer

The Department of Buddhist Affairs is the central government institution responsible for safeguarding, promoting, and administering the Theravāda Buddhist tradition in Sri Lanka through the guidance of temples, clergy, and community services.

Home

About Us

Services

Media

Contacts

FAQ

CONTACT INFO

Dahampaya, No. 135, Srimath Anagarika Dharmapala Mawatha, Colombo 7.

+94 11 2307674
+94 11 2307694

Monday to Friday 08.30am - 4:15pm

dba.gov.lk@gmail.com