f;dr;=re yd udOH wxYh

 

මාධ්‍ය හා තොරතුරු අංශය

බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය හා තොරතුරු අංශය 2015 පෙබරවාරි 14 වන දින පිහිටුවන ලදී. මෙම අංශයේ ප්‍රධාන කාර්යයන් වන්නේ:

  • දෙපාර්තමේන්තුවේ විවිධ වැඩසටහන් සඳහා මාධ්‍ය ආවරණය සහ ප්‍රචාරණය ලබා දීම.

  • දෙපාර්තමේන්තුව සතු විවිධ තොරතුරු සහ සංඛ්‍යාලේඛන සකස් කිරීම, සම්පාදනය කිරීම සහ යාවත්කාලීන කිරීම. මීට එම තොරතුරු නිසි ලෙස සැකසීම සහ රාජ්‍ය හා පෞද්ගලික අංශ වෙත බෙදා හැරීම ඇතුළත් වේ.

බෞද්ධ තොරතුරු පද්ධතිය – කළමනාකරණ තොරතුරු පද්ධතිය (MIS)

කළමනාකරණ තොරතුරු පද්ධතිය (MIS) මගින් පහත සඳහන් ප්‍රධාන සංඛ්‍යාලේඛන දත්ත පවත්වාගෙන යනු ලබයි:

  • විහාරස්ථානයක් අයත් වන නිකාය.

  • වැඩ වසන ස්වාමීන් වහන්සේලා සංඛ්‍යාව.

  • සාමණේර සහ උපසම්පදා ස්වාමීන් වහන්සේලා සංඛ්‍යාව.

  • ස්වාමීන් වහන්සේලාගේ අධ්‍යාපන සුදුසුකම්.

  • වයස් කාණ්ඩ අනුව භික්ෂූන් වහන්සේලා පිළිබඳ තොරතුරු.

  • දස සිල් ආරාම පිළිබඳ තොරතුරු.

  • දස සිල් මාතාවන් වහන්සේලා පිළිබඳ තොරතුරු.

  • දහම් පාසල් පිළිබඳ තොරතුරු.

  • දහම් පාසල් ගුරුවරුන් පිළිබඳ තොරතුරු.

  • දහම් පාසල් සිසුන් පිළිබඳ තොරතුරු.

  • විහාරස්ථාන සඳහා ලබා දුන් ආධාර පිළිබඳ විස්තර (මධ්‍යම රජය / පළාත් සභා / වෙනත් මූලාශ්‍ර මගින්).

සමාජ මාධ්‍ය සහ වෙබ් මෙහෙයුම්

  • ෆේස්බුක් (Facebook): දෙපාර්තමේන්තුවේ විවිධ වැඩසටහන් සහ විශේෂ සිදුවීම් පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම සඳහා දිනපතා යාවත්කාලීන කරනු ලබයි. “බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව” නිල ෆේස්බුක් සමූහය (Group) සහ “Department Of Buddhist Affairs” ෆේස්බුක් පිටුව (Page) මේ සඳහා ක්‍රියාත්මක වේ.

  • යූටියුබ් නාලිකාව (YouTube – DBA Media): දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරනු ලබන වැඩසටහන්වල වීඩියෝ සහ මහජන දැනුවත්භාවය සඳහා කාලීන වැදගත්කමකින් යුත් අන්තර්ගතයන් විකාශනය කිරීමට මෙය භාවිතා කරයි.

  • වෙබ් අඩවිය: බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.dba.gov.lk යාවත්කාලීන කිරීම.

  • විද්‍යුත් තැපෑල (Email): dba.gov.lk@gmail.com ලිපිනයට ලැබෙන පණිවිඩ, ඉල්ලීම් සහ සේවා විමසීම් කඩිනමින් අදාළ අංශ වෙත යොමු කිරීම සහ යාවත්කාලීන කිරීම.

මාධ්‍ය ක්‍රියාකාරකම් සහ සන්නිවේදනය

  • දෙපාර්තමේන්තු වැඩසටහන් සඳහා අවශ්‍ය මාධ්‍ය ප්‍රචාරණය ලබා දීම, තොරතුරු සැපයීම, මාධ්‍ය සාකච්ඡා සංවිධානය කිරීම, ඡායාරූපකරණය සහ ඒවා සංරක්ෂණය කිරීම, විවිධ වාර්තා සකස් කිරීම සහ බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයාගේ සුබපැතුම් පණිවිඩ නිකුත් කිරීම.

  • දෛනික පුවත්පත් වාර්තා: දෛනික පුවත්පත්වල පළවන විවිධ වාර්තාවල කරුණු තහවුරු කර ගැනීම සඳහා අදාළ පාර්ශ්වයන්ගෙන් වාර්තා ලබා ගැනීම. විශේෂයෙන් බුදුදහමට නිගරු වන අයුරින් පළවන වාර්තා සහ ඡායාරූප මෙන්ම විහාරස්ථාන සහ භික්ෂූන් වහන්සේලා සම්බන්ධ විවිධ චෝදනා, අපහාස සහ ශාසනික අර්බුද පිළිබඳ වාර්තා සම්බන්ධයෙන් කොමසාරිස් ජනරාල්වරයාගේ උපදෙස් මත අදාළ පාර්ශ්ව වෙත ලිපි නිකුත් කිරීම සිදු කෙරේ.

මාර්ගගත (Online) මෙහෙයුම් සහ ජාලකරණය

  • WhatsApp සමූහ: DBA – GOV.lk, DBA.DIS.lk, නිකාය/පාර්ශවීය ලේඛකාධිකාරී ස්වාමීන් වහන්සේලාගේ සමූහ සහ ශාසනාරක්ෂක මණ්ඩල විධායක කාරක සභාව සඳහා WhatsApp මගින් පණිවිඩ සහ තොරතුරු බෙදා හැරීම.

  • Online රැස්වීම් සහ දත්ත රැස්කිරීම: MS Teams තාක්ෂණය ඔස්සේ මාර්ගගත රැස්වීම් සංවිධානය කිරීම සහ MS Forms භාවිතයෙන් විවිධ තොරතුරු රැස් කිරීම.

The Relevant Officer

The Department of Buddhist Affairs is the central government institution responsible for safeguarding, promoting, and administering the Theravāda Buddhist tradition in Sri Lanka through the guidance of temples, clergy, and community services.

Home

About Us

Services

Media

Contacts

FAQ

CONTACT INFO

Dahampaya, No. 135, Srimath Anagarika Dharmapala Mawatha, Colombo 7.

+94 11 2307674
+94 11 2307694

Monday to Friday 08.30am - 4:15pm

dba.gov.lk@gmail.com