භික්ෂු ලියාපදිංචි අංශය

01. සාමණේර ප්‍රකාශයක් ලියාපදිංචි කිරීම

  1. අයදුම්පත්‍රය  ( ලියාපදිංචි කිරීමේ J I ) පිටපත් දෙකකින් සම්පූර්ණකර තිබීම.
  2. අත්සන් කොටුවේ මහානායක ස්වාමීන් වහන්සේ හෝ බලය පවරන ලද ස්වාමින් වහන්සේ නිවැරදි ආකාරයෙන් අත්සන් හා නිලමුද්‍රා තබා තිබීම.
  3. පැවිදි වී වසර පහක් ඉක්ම ගොස් ඇත්නම් ප්‍රමාදයට හේතු සහිතව  මහානායක ස්වාමින් වහන්සේගේ ලිපියක් සමඟින් ඉදිරිපත් කළ යුතුය.
  4. බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්, නියෝජ්‍ය කොමසාරිස් හෝ සහකාර කොමසාරිස් අනුමත කල පසු ලියාපදිංචිය සිදු කල හැක.

02. උපසම්පදා ( ලියාපදිංචි කිරීමේ J 2 ) ප්‍රකාශයක් ලියාපදිංචි කිරීම.

  1. අයදුම්පත්‍රය පිටපත්දෙකකින් සම්පූර්ණ කරතිබීම.
  2. අත්සන් කොටුවේ මහානායක ස්වාමීන් වහන්සේ නිවැරදි ආකාරයෙන් අත්සන් හා නිලමුද්‍රාව තිබීම.
  3. බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්, නියෝජ්‍ය කොමසාරිස් හෝ සහකාර කොමසාරිස් අනුමත කල පසු ලියාපදිංචිය සිදු කල හැක.

03. උපැවිදි සහතිකයක් නිකුත් කිරීම. (සාමණේර හෝ උපසම්පදා ලියාපදිංචි අංකයක් ඇතිවිට)           

  1. අදාල නිකායේ මහානායක ස්වාමීන් වහන්සේ විසින් අදාල තොරතුරු සනාථ කරන ලද උපසම්පදා හා සාමණේර අංක සඳහන් කළ හා තමපිට‍පත්වල අදාල සංශෝධන සිදුකරගත් බැව් ප්‍රකාශ කරන ලිපියක් සිය ලිපි ශීර්ෂයකින් ඉදිරිපත් කිරීම.
  2. ඉල්ලීමේ ලිපිය.

04. උපැවිදි සහතිකයක් නිකුත් කිරීම. (සාමණේර හෝ උපසම්පදා ලියාපදිංචි  සිදුනොකර ඇත්නම්)         

  1. ලියාපදිංචියක්  සිදුකර නොමැති අවස්ථාවන්හිදී අදාල නිකාය පාර්ශවයේ මහනායක ස්වාමින් වහන්සේ විසින් අදාල අය පැවිදිව සිටි බවත් ලියාපදිංචියක් නොමැති බව දන්වමින් ලිපි ශිර්ෂයකින් ලිපියක් නිකුත් කිරිම.
  2. ඉල්ලීමේ ලිපිය.

05. සාමණේර හෝ උපසම්පදා සහතිකවල පිටපත් නිකුත් කිරීම

  1. අදාල ලියාපදිංචි අංක සඳහන් කරමින් පිටපත්ඉල්ලුම් කිරීම අදාල මුදල් සමඟ ඉදිරිපත් කිරීම සිදු කල විට බලයලත් නිලධාරීන්ගේ අත්සනින් යුතුව පිටපත් නිකුත් කරයි.

06. භික්ෂු  හැදුනුම්පත්

  1. සියළුම තොරතුරු නිවැරදිව සම්පුර්ණ කර අදාල අත්සන් සහ නිළමුද්‍රා යොදා අනුමත ප්‍රමාණයේ ඡායාරූප සමඟ ඉදිරිපත්කිරීම.

අදාළ නිලධාරීන්

බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව යනු විහාරස්ථාන, පූජක පක්ෂය සහ ප්‍රජා සේවාවන්හි මග පෙන්වීම තුළින් ශ්‍රී ලංකාවේ ථෙරවාද බෞද්ධ සම්ප්‍රදාය ආරක්ෂා කිරීම, ප්‍රවර්ධනය කිරීම සහ පරිපාලනය කිරීම සඳහා වගකිව යුතු මධ්‍යම රජයේ ආයතනයයි.

Home

About Us

Services

Media

Contacts

FAQ

සම්බන්ධතා තොරතුරු

දහම්පාය, අංක 135, ශ්‍රීමත් අනගාරික ධර්මපාල මාවත, කොළඹ 7.

+94 11 2307674
+94 11 2307694

සඳුදා සිට සිකුරාදා දක්වා
පෙ.ව. 08.30 - ප.ව. 4:15

dba.gov.lk@gmail.com