මහනුවර
මෙම උප කාර්යාලය මඟින් සපයනු ලබන සේවාවන් පහත පරිදි වේ.
- ශ්‍රි දළදා මාළිගාව, සතර මහා දේවාල හා පිටිසර දේවාල සඳහා දියවඩන නිළමේ සහ බස්නායක නිලමේවරු පත්කිරිමේ ඡන්ද කටයුතු සිදු කිරිම.
- පාලනය වන විහාරස්ථාන සහ දේවාල සඳහා භාරකරුවන් පත්කිරිම.
- භාරකාර ඇප මුදල් තැන්පත් කිරිම සහ නිදහස් කිරිම.
- සිද්ධස්ථාන වල දේපළ භාරකරුවන්ට භාරදීම.
- විහාර දේවාලවලට අයත් ඉඩම් බදු දීම.
- ප්‍රවේණි අයිතිවාසිකම් පවරා ගැනිම පිළිබඳ ලේඛන පවත්වාගෙන යාම.
- වාර්ෂික ගිණුම් වාර්තා ගෙන්වා ගැනිම, පරික්ෂා කිරිම, මුදල් නිදහස් කිරිම.
- විහාරස්ථාන ආරවුල් සම්බන්ධ කටයුතු සිදු කිරිම.
- ශ්‍රී දළදා පෙරහැර, උපසම්පදා කටයුතු වලට සහාය වීම.
- දහම් පාසැල් උත්සව කටයුතු හා වෙනත් ආගමික අවස්ථාවන්ට සහභාගී වීම හා සහාය විම.