font sinhalagovlkfont tamil

ශ්‍රි ලාංකීය සමාජයේ බෞද්ධ සංස්කෘතිය හා අධ්‍යාපනය අවමානයට ලක් වෙමින් මිසනාරි අධ්‍යාපනය සමාජයේ ව්‍යාප්තවෙමින් පැවැති යුගයේ බෞද්ධ අධ්‍යාපනයේ උන්නතිය වෙනුවෙන් ගෞරවණීය මහා සංඝරත්නයට අමතරව දෙස් විදෙස් ප්‍රභූන් කටයුතු කළහ. එහි ප්‍රතිඵලයක් ලෙස ඕල්කට්තුමාගේ සංකල්පයකට අනුව 1895 අගෝස්තු මස 03 දින ගාල්ලේ වැලිවත්ත විජයානන්ද විහාරස්ථානයේ ඇහැලේපොල ජිනෝරස ස්වාමින් වහන්සේගේ ප්‍රමුඛත්වයෙන් ආරම්භ කරන ලද  ‘‘විජයානන්ද ඉරිදා බෞද්ධ පාඨශාලාව’’  සංවිධානාත්මක පදනමකින් ආරම්භ කර අද දක්වාම අඛණ්ඩව පවත්වාගෙන යනු ලබයි. ඒ අනුව ‘‘විජයානන්ද ඉරිදා පාඨශාලාව’’ ශ්‍රී ලංකාවේ වර්තමාන දහම් පාසල් අධ්‍යාපනයේ සමාරම්භක අවස්ථාව වශයෙන් සලකන අතර 1895 අගෝස්තු 03 දිනය දහම් පාසල් දිනය ලෙස රජය ප්‍රකාශයට පත් කර ඇත.

  • සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ උපදෙස් පරිදි බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන අමාත්‍යාංශය හා බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව මෙම දිනය නිමිති කරගෙන සෑම වර්ෂයකම අගෝස්තු මස 03 වන දින දිවයිනේ එක් දිස්ත්‍රික්කයක් තෝරාගෙන දහම් පාසල් දින සැමරුම් ජාතික වැඩසටහන හා ජාතික උත්සවය පවත්වනු ලැබේ.
  • ඒ අනුව 2019 වර්ෂයට යෙදෙන 124 වන දහම් පාසල් දින සැමරුම් ජාතික වැඩසටහන 2019 අගෝස්තු මස 03 දින පොලොන්නරුව දිස්ත්‍රික්කයේ දී පැවැත්වීමට සැලසුම් කර ඇත.
  • එබැවින් ජාතික උත්සවයේ දී  දහම් පාසල් කොඩි අලෙවියේ සමාරම්භය කිරීම සිදු කරන බැවින්  මෙම ජාතික වැඩසටහනට සමගාමීව දිවයිනේ අනිකුත් දිස්ත්‍රික්කවල ද දහම් පාසල් කොඩි අලෙවිය මුල් කරගෙන  සමගාමී වැඩසටහන්  2019 අගෝස්තු මස 03 දින සිට  අගෝස්තු 31 දක්වා කාලය තුළ ක්‍රියාත්මක කිරීම සුදුසු බව සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ විධායක සභාව විසින් තීරණය කරන ලදි.