font sinhalagovlkfont tamil

රත්නපුර උප කාර්යාලය

රත්නපුර, මොණරාගල, බදුල්ල යන දිස්ත්‍රික්කවල 1931 අංක 19 දරණ බෞද්ධ විහාර දේවාලගම් ආඥා පනතේ (4) 1 සහ (4) 2 වගන්ති යටතේ පාලනය වන විහාරස්ථාන හා දේවාල ඇතුළත් වේ.

දිස්ත්‍රික්කය

4 (1) යටතේ පාලනය     වන සිද්ධස්ථාන

4 (2) යටතේ පාලනය වන සිද්ධස්ථාන

රත්නපුර

20

548

මොණරාගල

11

362

බදුල්ල

08

391

එකතුව

39

1301

මෙම සිද්ධස්ථාන වලට අදාළ සියළු කටයුතු 1931 අංක 19 දරණ බෞද්ධ විහාර දේවාලගම් ආඥා පනතේ විධි විධානයන්ට අනුව රත්නපුර දිස්ත්‍රික් කාර්යාලය මඟින් සිදු කරනු ලබයි. එම සේවාවන් අතර,

  • විහාරස්ථාන සඳහා භාරකරුවන්, බස්නායක නිලමේවරුන් පත්කිරීමට සහය වීම.
  • සිද්ධස්ථානවල දේපල භාරකරුවන්ට භාර දීම.
  • විහාර දේවාල සතු ඉඩම් බදු දීම.
  • වාර්ෂික ගිණුම් වාර්තා ගෙන්වා ගැනීම,පරීක්ෂා කිරීම,මුදල් නිදහස් කිරීම
  • විහාරස්ථාන සම්බන්ධ ආරවුල් නිරවුල් කිරීමට අදාළ කටයුතු කිරීම.
  • රුහුණු මහා කතරගම දේවාලයේ පෙරහැර කටයුතු සඳහා සහය වීම.
  • පඬුරු මුදල් සම්බන්ධ අධීක්ෂණ කටයුතු.
  • ඉඩම් ගැටළු විසඳීම සඳහා සහය වීම.
  • දැව හෙළීමට හා ප්‍රවාහනයට නිර්දේශ ලබා දීම.
  • මැණික් බල පත්‍ර සඳහා නිර්දේශ ලබා දීම.
  • අපවත් වූ ස්වාමීන් වහන්සේලාගේ බැංකු ගිණුම් සම්බන්ධව කටයුතු කිරීම.
  • පැමිණිලි හා අභියාචනා සම්බන්ධ කටයුතු කිරීම ආදිය ප්‍රධාන තැනක් ගනී.