font sinhalagovlkfont tamil

නුවර උප කාර්යාලය

පාලන බල ප්‍රදේශය 

මහනුවර, මාතලේ, කෑගල්ල, නුවරඑලිය දිස්ත්‍රික්කයේ මුතියංගණ රජමහා විහාරය, මහියංගණ රජමහා විහාරය, මහියංගණ සමන් දේවාලය ඇතුළත් බෞද්ධ විහාර දේවාල ගම් ආඥා පනතේ 4(1) සහ 4(2) වගන්ති යටතේ පාලනය වන විහාරස්ථාන හා දේවාල ඇතුළත් ‍ වේ.

දිස්ත්‍රික්කය

4(1) යටතේ පාලනය වන දේවාල

4(1) යටතේ පාලනය වන දේවාල

4(1) පාලනය නොවන සිද්ධස්ථාන

මහනුවර

42

13

1051

මාතලේ

07

01

459

කෑගල්ල

17

03

749

නුවරඑළිය

03

02

321

බ‍‍දුල්ල

02

01

-

 

71

20

2580

මෙම සිද්ධස්ථානවලට අදාල සියලු කටයුතු 1931 අංක 19 දරණ ‍බෞද්ධ විහාර දේවාලගම් ආඥා පනතේ විධිවිධාන අනුව මෙම කාර්යාලය මගින් පහත කාර්යයන් සි‍‍දු කරනු ලැබේ.

  • ශ්‍රී දළදා මාළිගාව, සතර මහා දේවාල හා පිටිසර දේවාල සදහා දියවඩන නිළමේ සහ බස්නායක නිලමේවරු පත්කිරිමේ ඡන්ද කටයුතු සිදු කිරිම
  • පාලනය වන විහාරස්ථාන සහ දේවාල ස දහා භාරකරුවන් පත්කිරිම
  • භාරකාර ඇපමුදල් තැන්පත් කිරිම සහ නිදහස් කිරිම
  • සිද්ධස්ථානවල දේපල භාරකරුවන්ට භාරදීම
  • විහාර දේවාල වලට අයත් ඉඩම් බදු දීම
  • ප්‍රවේණි අයිතිවාසිකම් පවරා ගැනිම පිළිබ ද ලේඛන පවත්වා ගෙන යාම
  • වාර්ෂික ගිණුම් වාර්තා ගෙන්වා ගැනිම, පරික්ෂා කිරිම, මුදල් නිදහස් කිරිම
  • විහාරස්ථාන ආරවුල් සම්බන්ධ කටයුතු සි‍දු කිරිම
  • ශ්‍රී දළදා පෙරහැර, උපසම්පදා කටයුතුවලට සහාය වීම
  • දහම් පාසැල් උත්සව කටයුතු හා වෙනත් ආගමික අවස්ථාවන්ට සහභාගී වීම හා සහායවිම යනාදිය වේ.