සිල්මාතා පුහුණු ආයතනය-කිරිබත්ගොඩ

ශ්‍රී ලංකාව පුරා විසිරී  සිටින සිල් මෑණියන්  වහන්සේලාගේ පැවැදි  දිවියේ පරමාර්ථ  සාධනයට අදාළ දැනුම ආකල්ප හා කුසලතා වැඩිදියුණු කිරිම පිණිස බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව මගින් කැළණිය සිල්මාතා අභ්‍යස ආයතනය ආරම්භ කර පවත්වා ගෙන යනු ලැබේ.

නේවාසික අධ්‍යයන පාඨමාලාවන් කැළණිය විශ්ව විද්‍යාලය හා ඒකාබද්ධව සිදු කිරිමට කටයුතු සැළසුම් කර ඇති අතර වර්තමානය වන විට එහි ජාතික සිල්මාතා සංගම් මුලස්ථාන රාජකාරි කටයුතු ද සිදු කරනු ලබයි.

එමෙන්ම සියලුම දිස්ත්‍රික් සිල් මෑනියන් වහන්සේලාගේ පුහුණු වැඩ සටහන් මෙම ආයතනය මගින් ක්‍රියාත්මක කරනු ලැබේ.