කුසලස්ස උපසම්පදා - 04
නවක උපසම්පදා ස්වාමින් වහන්සේලා පුහුණු කිරීමේ ජාතික වැඩසටහන යටතේ 4 වන අදියර පසුගිය දා පැවැත්විය. පන්නිපිටිය දෙව්රම් මහා විහාරස්ථානයේදී 2022 ජුනි 18 සිට 24 දක්වා පැවැති වැඩසටහනට ස්වාමින් වහන්සේ 80 ක් සහභාගි විය. අමරපුර සිරි සද්ධම්මවංශ මහා නිකාය යටතේ උපසම්පදා සීලයෙහි පිහිට වූ භික්ෂූන් වහන්සේ විෂයෙහි පවත්වන ලද පුහුණු වැඩසටහන දේශන මෙන්ම ප්‍රායෝගික ක්‍රියාකාරම්වලින් සමන්විත විය.
ගැලරිය බලන්න
කුසලස්ස උපසම්පදා නවක උපසම්පදා ස්වාමින් වහන්සේලා පුහුණු කිරීමේ ජාතික වැඩසටහන 3 අදියර
කුසලස්ස උපසම්පදා නවක උපසම්පදා ස්වාමින් වහන්සේලා පුහුණු කිරීමේ ජාතික වැඩසටහන 3 අදියර 2022.03.20 සිට 2022.03.27 දින දක්වා පන්නිපිටිය දෙව්රම් මහා විහාර පරිශ්‍රයේදී පවත්වන ලදි.
ගැලරිය බලන්න
පෙර පොහොය වැඩසටහන - මැදින් පොහොය දිනය වෙනුවෙන් පවත්වන ලද ධර්ම දේශනා පිංකම.
පෙර පොහොය වැඩසටහන - මැදින් පොහොය දිනය වෙනුවෙන් පවත්වන ලද ධර්ම දේශනා පිංකම. ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ සිරිසුමන පාර්ශ්වයේ මහානායක ධූරන්දර, ත්‍රිපිටක විභූෂණ, විද්‍යා විශාරද, පන්නිපිටිය දෙව්රම් මහා විහාරයේ නිර්මාතෘ, ආචාර්ය අතිපූජ්‍ය කොලොන්නාවේ සිරි සුමංගල මහානායක ස්වාමින් වහන්සේ විසින් ධර්ම දේශනාව පවත්වන ලදි.
ගැලරිය බලන්න
අංජලිකරණී සිල්මාතා පුහුණු අධ්‍යාත්මික සංවර්ධන වැඩසටහන
අංජලිකරණී සිල්මාතා පුහුණු අධ්‍යාත්මික සංවර්ධන වැඩසටහන ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින සිල්මෑණියන් වහන්සේලාගේ පැවිදි දිවියේ පරමාර්ථය සාධනයට ආදාළ දැනුම ආකල්ප කුසලතා දියුණු කිරීම සඳහා මෙම වැඩසටහන පැවැත්වේ. පළමු පුහුණු වැඩසටහන 2022 මාර්තු 11 හා 12 දෙදින කැළණිය ඊරියවැටිය සිල්මාතා පුහුණු අභ්‍යාස ආයතනයේදී සාර්ථකව සිදුකරන ලදි. මෙම පුහුණු වැඩසටහන යටතේ ගුරු සිසු සබඳතාවය, සිල්මාතා ආරාම කළමණාකරණය, පැවිදි දිවියේ පරමාර්ථ හා එය සාධනයට අවශ්‍ය පැවිදි ආකල්ප හා ශාසනික වත්පිළිවෙත් හඳුනා ගැනීම, සිල්මාතා විනය පිළිබඳ අවබෝධයක් ලබැගැනීම, ආදර්ශවත් සිල්මාතා ජීවිතයකට මඟපෙන්වීම වැනි සුවිශේෂ වූ මාතෘකා කිහිපයක් සාකච්ඡා විය.
ගැලරිය බලන්න
නිමේෂ තිවංකර සෙනෙවිපාල මහතා සහකාර කොමසාරිස් ධූරයට
නිමේෂ තිවංකර සෙනෙවිපාල මහතා සහකාර කොමසාරිස් ධූරයට වතු නිවාස හා ප්‍රජා යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යංශයේ සහකාර අධ්‍යක්ෂ ධූරයේ කටයුතු කළ නිමේෂ තිංවකර සෙනෙවිපාල මහතා 2022 මාර්තු 10 වන දින බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස් වරයෙකු ලෙසින් රාජකාරි ආරම්භ කළේය.
ගැලරිය බලන්න
සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ ගරු විධායක සභික ස්වාමින් වහන්සේලා සඳහා පුහුණු වැඩසටහන
සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ ගරු විධායක සභික ස්වාමින් වහන්සේලා සඳහා පුහුණු වැඩසටහන මාතලේ ග්‍රෑන්ඩ් මවුන්ට් හෝටල් පරිශ්‍රයේදී 2022.03.4 සහ 5
ගැලරිය බලන්න
සරල සිංහල ත්‍රිපිටක ග්‍රන්ථ 07ක් ජනගත කිරීම
සරල සිංහල ත්‍රිපිටක ග්‍රන්ථ 07ක් ජනගත කිරීම බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවේ මෙහෙය වීමෙන් සංක්ෂිප්ත ත්රිපිටක ග්‍රන්ථ සම්පාදක මණ්ඩලය විසින් පරිවර්තනය කරන ලද ත්‍රිපිටක ග්‍රන්ථ 07ක් ජනගත කිරීම ඊයේ (24) පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී සිදුවිය. බුද්ධ ජයන්ති ත්‍රිපිටක මණ්ඩලයේ දිගුවක් ලෙසින් පත් කළ ත්‍රිපිටක ග්‍රන්ථ සම්පාදක මණ්ඩලය වසර කිහිපයක සිට මෙම ත්‍රිපිටක ග්‍රන්ථ පරිවර්තන කාර්යය මූලික බුද්ධ භාෂිතයට හානියක් හෝ අර්ථ විපරීතයක් සිදු නොවන අයුරින් පුනරුක්ති රහිතව සිදුකර ඇත. සංක්ෂිප්ත ත්‍රිපිටක ග්‍රන්ථ මාලා අංක 20 සිට 27 දක්වා සිංහල මහානිද්දේස පාළි, සිංහල චූල්ලනිද්දේස පාළි, සිංහල පටිසම්භිදාමග්ගප්පකරණ පාළි - 1, සිංහල පටිසම්භිදාමග්ගප්පකරණ පාළි - 2, සිංහල ථේර අපදාන පාළි - 2, සිංහල ථේරී අපදාන පාළි - 2, සිංහල බුද්ධවංස පාළි හා චරියා පිටක පාළි යන ග්‍රන්ථ 07 මෙලෙස ජනගත කෙරිණි. ත්‍රිපිටක ග්‍රන්ථ සම්පාදක මණ්ඩල සාමාජික රාජකීය පණ්ඩිත - අග්ගමහා පණ්ඩිත, ශ්‍රී ලංකා අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත මහා නිකායේ මහානායක අතිපූජ්ය තිරිකුණාමලයේ ආනන්ද නාහිමි ඇතුළු වැඩම කළ මහා සංඝරත්නයට මෙම ග්‍රන්ථ පිළිගැන්වූයෙමි. මෙම පරිවර්තන ග්‍රන්ථ 07න් බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාවේ ග්‍රන්ථ 33 කින් සංගෘහිත සූත්‍ර පිටකයේ නිමාව සනිටුහන් වේ. බුද්ධ ජයන්ති ග්‍රන්ථ මාලාවේ සිංහල පරිවර්තනය ඉතා නිවැරදි වුව ද සාමාන්ය පාඨකයාට එහි බස් වහර ඉතා ගැඹුරු වූ හෙයින් සරල සුගම බසින් එම ග්‍රන්ථ නැවත සම්පාදනය කිරීමේ ප්‍රතිඵලයක් ලෙස මෙම සංෂිප්ත සිංහල ත්‍රිපිටක ග්‍රන්ථ මාලාව එළිදැක්විණි. ත්‍රිපිටක පරිවර්තන මණ්ඩලයේ සභාපති කොළඹ 10 මාලිගාකන්ද විද්යෝදය පරිවේනාධිපති රාජකීය පණ්ඩිත ආචාර්ය අතිපූජ්ය බලන්ගොඩ සෝභිත නායක ස්වාමීන් වහන්සේ ඇතුළු ත්‍රිපිටක පරිවර්තන මණ්ඩලයේ සාමාජික ස්වාමීන් වහන්සේලා වන රාජකීය පණ්ඩිත පූජ්ය මැදඋයන්ගොඩ විජයකිත්ති නාහිමි, මහාචාර්ය අතිපූජ්ය කිවුලේගෙදර නාරද අනුනාහිමි, මහාචාර්ය පූජ්ය මැදගම්පිටියේ විජිතධම්ම නාහිමි ඇතුළු මහා සංඝරත්නය මෙහි වැඩම කළහ. අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන, බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම, බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් (අතිරේක) කේ.පී. සිරිබද්දන, බෞද්ධ කටයුතු කොමසාරිස් වසන්ත ලියනගේ, ත්‍රිපිටක මණ්ඩලයේ ලේකම් කේ.කේ. සුගතපාල යන මහත්වරු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ගැලරිය බලන්න
නවක උපසම්පදා ස්වාමින් වහන්සේලා පුහුණු කිරීමේ ජාතික වැඩසටහන
“ කුසලස්ස උපසම්පදා ” නවක උපසම්පදා ස්වාමින් වහන්සේලා පුහුණු කිරීමේ ජාතික වැඩසටහන බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය හා බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කරනු ලබන “ කුසලස්ස උපසම්පදා ” නවක උපසම්පදා ස්වාමින් වහන්සේලා පුහුණු කිරීමේ ජාතික වැඩසටහනේ දෙවන අදියර 2022.02.06 සිට 2022.02.13 දින දක්වා පන්නිපිටිය දෙව්රම් මහා විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් පැවැත්විය. මෙම පුහුණුව යටතේ නවක උපසම්පදා ස්වාමින් වහන්සේලා විෂයෙහි උපසම්පදාව හා සතර පාරාජිකා, ගිහි පැවිදි සම්බන්ධතාවය, ප්‍රාතිමෝක්ෂ ශික්ෂා හා සංඝාදිසේස ආපත්තිවලින් පිරිසිදුවීම, වස් විසීම හා කඨින චීවර පූජාව, උපෝසථ කර්ම, සූත්‍ර ධර්ම අධ්‍යයනය, විහාර දේවාලගම් පණත පිළිබඳ දැනුවත් කිරීම, විහාර චාරිකාව හා විහාර කළමණාකරණය, මාධ්‍ය භාවිතය හා සන්නිවේදන ක්‍රම භාවිතය, කවි හා ගාථා පුහුණුව, ධර්ම දේශනා පුහුණුව, විනයානුකූලව චීවර හා පාත්‍රා සැකසීම, සති භාවනා වැනි සුවිශේෂ මාතෘකා සාකච්ඡා විය. නිකායත්‍රයම නියෝජනය කරමින් ස්වාමින් වහන්සේ විසින් දේශන හා සාකච්ඡා මෙහෙයවනු ලැබූ මෙය නේවාසික පුහුණු වැඩසටහනකි.
ගැලරිය බලන්න
“ කුසලස්ස උපසම්පදා ” නවක උපසම්පදා ස්වාමින් වහන්සේලා පුහුණු කිරීමේ ජාතික වැඩසටහන
“ කුසලස්ස උපසම්පදා ” නවක උපසම්පදා ස්වාමින් වහන්සේලා පුහුණු කිරීමේ ජාතික වැඩසටහන බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය හා බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කරනු ලබන “ කුසලස්ස උපසම්පදා ” නවක සාමණේර හා උපසම්පදා ස්වාමින් වහන්සේලා පුහුණු කිරීමේ ජාතික වැඩසටහනේ, නවක උපසම්පදා ස්වාමින් වහන්සේලා පුහුණු කිරීමේ වැඩසටහනේ දෙවන අදියර 2022.02.06 දින ආරම්භ විය. පන්නිපිටිය දෙව්රම් මහා විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් 2022.02.06 දින සිට 2022.02.13 දින දක්වා පැවැත්වේ. දින 7 ක් පැවැත්වෙන මෙම පුහුණුව යටතේ නවක උපසම්පදා ස්වාමින් වහන්සේලා විෂයෙහි උපසම්පදාව හා සතර පාරාජිකා, ගිහි පැවිදි සම්බන්ධතාවය, ප්‍රාතිමෝක්ෂ ශික්ෂා හා සංඝාදිසේස ආපත්තිවලින් පිරිසිදුවීම, වස් විසීම හා කඨින චීවර පූජාව, උපෝසථ කර්ම, සූත්‍ර ධර්ම අධ්‍යයනය, විහාර දේවාලගම් පණත පිළිබඳ දැනුවත් කිරීම, විහාර චාරිකාව හා විහාර කළමණාකරණය, මාධ්‍ය භාවිතය හා සන්නිවේදන ක්‍රම භාවිතය, කවි හා ගාථා පුහුණුව, ධර්ම දේශනා පුහුණුව, විනයානුකූලව චීවර හා පාත්‍රා සැකසීම, සති භාවනා වැනි සුවිශේෂ මාතෘකා සාකච්ඡා කෙරේ. නිකායත්‍රයම නියෝජනය කරමින් ස්වාමින් වහන්සේ විසින් දේශන හා සාකච්ඡා මෙහෙයවනු ලබන මෙම පුහුණු වැඩසටහන නේවාසික වැඩසටහනකි.
ගැලරිය බලන්න