font sinhalagovlkfont tamil

විහාර දේවාලගම් අංශය

1931 අංක 19 දරණ විහාර දේවාලගම් ආඥා පනතින් බෞද්ධ කටයුතු කොමසාරිස් වෙත පැවරී ඇති වගකීම් ඉටු කිරීම මෙම අංශයෙන් සිදු කරනු ලබයි. ඒ අනුව මෙම අංශයට පැවරී ඇති ප‍්‍රධාන කාර්යයන් පහත දැක්වේ.

  1. විහාර දේවාලගම් ආඥා පනතේ 4(1) වගන්තියෙන් බෞද්ධ කටයුතු කොමසාරිස්ගේ පාලනය යටතේ පවත්වා විහාර දේවාල වලට බස්නායක නිලමේවරුන් / භාරකරුවන් පත් කිරීම.
  2. බෞද්ධ සිද්ධස්ථාන වල දේපල පරිපාලනයට අවශ්‍ය සහාය ලබාදීම.මෙහිදී සිද්ධස්ථාන සන්තක ඉඩම් බදුදීම සඳහා අනුමැතිය ලබාදීම, සිද්ධස්ථාන දේපල පරිපාලනයට හා සුරක්ෂිත කිරීමට අවශ්‍ය සහාය ලබාදීම, සිද්ධස්ථාන සන්තක දේපල සම්බන්ධයෙන් ඇතිවන ආරවුල් නිරවුල් කිරීමට මැදිහත් වීම, සිද්ධස්ථාන සන්තක ඉඩම් වල මැණික් ගැරීම සඳහා බලපත‍්‍ර ලබාදීම, අපවත් වු ස්වාමීන්වහන්සේලාගේ දේපල ආරවුල් නිරවුල් කරදීම, විහාරස්ථාන සඳහා පුජා ඔප්පු ලබාදීම සදහා අනුමැතිය ලබාදීම, රජයට අත්පත් කරගත් විහාරස්ථාන සන්තක දේපල වෙනුවෙන් තැන්පත් කර ඇති වන්දි මුදල් නිදහස් කිරීමට නිර්දේශය ලබා දීම.
  3. දිවයිනේ සියළුම විහාරස්ථාන බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කිරීම හා විහාරාධිපති තනතුර පිළීගැනීම.
  4. රත්නපුර හා මහනුවර ප්‍රාදේශිය බෞද්ධ කටයුතු කාර්යාල හා සම්බන්ධීකරණ කටයුතු සිදු කිරීම.

ප්‍රාදේශිය කාර්යාල: රත්නපුර ප්‍රාදේශිය කාර්යාලය මගින් රත්නපුර, බදුල්ල හා මොනරාගල දිස්ත්‍රික්ක වලට අදාලව මෙම අංශයෙන් ඉටු කරන කාර්යයන් කරනු ලබයි. ( විහාරස්ථාන ලියා පදිංචි කිරීම හැර) ඒ අනුව 2008 වසර තල ඉටු කල කාර්යයන් පහත දැක්වේ.

  1. සිද්ධස්ථාන සන්තක ඉඩම් බදුදීම
  2. මැණික් බලපත‍්‍ර අලුත් කිරීම
  3. නව මැණික් බලපත‍්‍ර නිකුත් කිරීම
  4. විහාරදේවාලගම් පනතේ 4 (1) වගන්තියෙන් පාලනය වන විහාරස්ථාන සඳහා භාරකරුවන් පත් කිරීම.

මහනුවර ප්‍රාදේශිය කාර්යාලය මගින් මහනුවර, මාතලේ, නුවර එළිය, කෑගල්ල යන දිස්ත්‍රික්ක වල පිහිටි විහාර හා දේවාලත්, බදුල්ල දිස්ත්‍රික්කයේ මහියංගණ හා මුතියංගණ රජ මහා විහාරත් මහියංගණ සමන් දේවාලයත් පාලනය කරනු ලැබේ.

මෙම කාර්යාලය මගින් 1931 අංක 19 දරණ බෞද්ධ විහාර දේවාලගම් ආඥා පනතේ විධී විධාන ක්‍රියාත්මක කරනු ලැබේ. ඒ අනුව පාලනය වන විහාරස්ථාන සඳහා භාරකරුවන් පත් කිරීම ඇප මුදල් ගෙන්වා ගැනීම හා නිදහස් කිරීම විහාරස්ථාන සතු දේපල නව භාරකරුවන්ට භාරදීම කරනු ලබයි. ඊට අමතරව මල්වතු හා අස්ගිරි පාර්ශවයන් හී වාර්ෂිකව සිදු කෙරෙන උපසම්පදා උත්සවය ඇසල පෙරහැර හා අනෙකුත් ආගමික උත්සව කටයුතු සඳහා සහභාගි වන අතර විශේෂයෙන් දහම් පාසල් තෑගි ප්‍රධානෝත්සව කටයුතු කරනු ලැබේ.

මහනුවර ප්‍රාදේශිය බෞද්ධ කටයුතු කාර්යාලය විහාර දේවාලගම් ආඥා පනතේ විධිවිධාන වලට අදාල මාතලේ, නුවරඑළිය, බදුල්ල දිස්ත්‍රික්ක වල කාර්යයන් ඉටු කරනු ලබයි.

  1. බස්නායක නිලමේවරුන් පත් කිරීම්
  2. සිද්ධස්ථානයන් හී භාරකරුවන් පත් කිරීම්
  3. බදු ඉල්ලුම් පත‍්‍ර නිකුත් කිරීම
  4. තක්සේරු වාර්ථාවන් ගෙන්වා ගැනීම
  5. සිද්ධස්ථානයන් හී භාණ්ඩ භාර ගැනීම්
  6. සිද්ධස්ථාන සඳහා මුදල් නිදහස් කිරීම
  7. සෑම වර්ෂයකම ක්ෂේත‍්‍ර පරික්ෂණ පැවැත්වීම
  8. සෑම වර්ෂයකම කාර්යාල පරික්ෂණ පැවැත්වීම
  9. විහාරාධිපති තහවරු කිරීම
  10. ගස් කැපීම සඳහා අනුමැතිය ලබා දීම
  11. සිද්ධස්ථානයන් හී පඩුරු මුදල් ඉවත් කිරීම හා අදාල රාජකාරි කටයුතු සිදු කිරීම.

රත්නපුර ප්‍රාදේශිය බෞද්ධ කටයුතු කාර්යාලය

රත්නපුර ප්‍රාදේශිය බෞද්ධ කටයුතු කාර්යාලය ප්‍රධාන වශයෙන් රත්නපුර, බදුල්ල, මොණරාගල දිස්ත්‍රික්ක වලට අයත් බෞද්ධ සිද්ධස්ථාන වලට අදාල විහාර දේවාලගම් ආඥාපනතට අදාල කාර්යයන් ඉටු කරනු ලබයි.

මෙම කාර්යාලය මගින් ඉටුකළ ප්‍රධාන කාර්යයන් මේසේය.

  1. භාරකරුවන් පත්කිරීම
  2. ඉඩම් බඳු දීම
  3. බඳු මුදල් සංශෝධනය කිරීම
  4. දැව භෙලීම හා ප‍්‍රවාහනයට බලපත‍්‍ර නිකුත් කිරීම
  5. අපවත් වී වදාල ස්වාමීන්වහන්සේලා සතු බැංකු මුදල් නිදහස් කිරීම
  6. පූජා ඔප්පු ලබා දීමට අනුමැතිය ලබා දීම
  7. වන්දි මුදල් පොලි නිදහස් කිරීම
  8. විහාරස්ථාන සම්බන්ධ ගැටළු නිරාකරණය කිරීම
  9. විහාරස්ථාන ලියාපදිංචිය සඳහා මහනායක ස්වාමීන්වහන්සේලාට ලිපි යැවීම
  10. මැණික් ගැරීමට බලපත‍්‍ර ලබා දීම සඳහා නිර්දේශ කිරීම
  11. මැණික් ගැරීමට බලපත‍්‍ර දීර්ඝ කිරීම සඳහා නිර්දේශ කිරීම.