1931 අංක 19 දරණ විහාර දේවාලගම් ආඥා පනතේ 4(1) වගන්තිය යටතේ පවතින සියලුම විහාරස්ථාන හා දේවාල වල විගණන කටයුතු සිදුකිරීම.

බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවේ සියලුම විගණන කටයුතු සිදුකිරීම.

අභ්‍යන්තර පාලන පද්ධතිය ශක්තිමත් කිරීමට සහය වීම.

මනා ගිණුම් හා මූල්‍ය කළමනාකරණයකට සහය වීම.

මනා සම්පත් භාවිතය තහවුරු කිරීමට සහය වීම.

කාර්ය සාධන ඉලක්ක සපුරා ගැනීමට සහය වීම.

අභ්‍යන්තර විගණනය වූ කලී සංවිධානයක් තුළ කෙරෙන ස්වාධීන තක්සේරුවකි. කළමනාකරණ ඒකකයේ සියළුම මට්ටම් වෙතින් ඉටුකරන සේවාවන් හා කාර්යයන් සමාලෝචනය කිරීම ද, මැන බැලීම ඇගයීම හා අභ්‍යන්තර පාලන ක්‍රමයේ සිද්ධි දායක භාවය සම්බන්ධයෙන් වාර්තා කිරීම ද ඊට අයත් වේ. අභ්‍යන්තර විගණනය කළමනාකරණයට සහය වේ. මෙම අංශය ප්‍රධාන අභ්‍යන්තර විගණකවරයෙකු යටතේ ක්‍රියාත්මක වේ.

 

අභ්‍යන්තර විගණන අංශය මඟින් සිදු කෙරෙන සුවිශේෂී කාර්යභාරයන්

විහාර දේවාලගම් පනතේ විධිවිධාන අනුව සිද්ධස්ථානයක පවත්වාගෙන යා යුතු ගිණුම් පොත්පත් පිළිබඳ හඳුන්වා දී ඇති පාලන පද්ධති ශක්තිමත් කිරීම.

පනතේ 4(1) වගන්තිය යටතේ පාලනය වන සිද්ධස්ථාන පවතින සම්පත් භාවිතා කරමින් විගණනයට ලක්කිරීම සහ එම සිද්ධස්ථාන සඳහා මාර්ගෝපදේශ ලබාදීම.

විගණන හා කළමනාකරණ කමිටු රැස්වීම් පැවැත්වීම.

දෙපාර්තමේන්තුවේ අනෙකුත් අංශ මඟින් සංවිධානය කරනු ලබන විවිධ වැඩසටහන් සඳහා පූර්ණ දායකත්වය සහ සහයෝගය ලබා දීම.

දෙපාර්තමේන්තුව මඟින් සිදුකළ යුතු විශේෂ රාජකාරි සඳහා දායකත්වය ලබාදීම.