font sinhalagovlkfont tamil

සිසු නිපුනතා -2019

වසර දෙදහස් තුන්සියයකටත් වැඩි දීර්ඝ කාලයක සිට ශ්‍රී ලාංකීය ජන සමාජයේ අර්ථ සිද්ධිය පිණිස මඟ පෙන්වුයේ බුදු දහමයි. ඒ සඳහා මෙරට ජන සමාජය මෙහෙය වූයේ භික්ෂුන් වහන්සේ ප්‍රමුඛ විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් ලබා දුන් බෞද්ධ අධ්‍යාපනයයි. රටක සමාජයක යහපැවැත්ම උදෙසා භෞතික අංශයේ පමණක් නොව ආධ්‍යාත්මික අංශයෙන් ද සංවර්ධනය විය යුතු බව පිළිගත් කරුණකි. ඒ සඳහා දහම් පාසල් අධ්‍යාපනය තුළින් ලබා දෙන්නේ අමිල සහයෝගයකි.

ශ්‍රි ලාංකීය සමාජයේ බෞද්ධ සංස්කෘතිය හා අධ්‍යාපනය අවමානයට ලක් වෙමින් මිසනාරි අධ්‍යාපනය සමාජයේ ව්‍යාප්තවෙමින් පැවැති යුගයේ බෞද්ධ අධ්‍යාපනයේ උන්නතිය වෙනුවෙන් දෙස් විදෙස් ප්‍රභූන් කටයුතු කළහ. එහි ප්‍රතිඵලයක් ලෙස ඕල්කට්තුමාගේ සංකල්පයකට අනුව 1895 අගෝස්තු මස 03 දින ගාල්ලේ වැලිවත්ත විජයානන්ද විහාරස්ථානයේ ඇහැලේපොල ජිනෝරස ස්වාමින් වහන්සේගේ ප්‍රමුඛත්වයෙන් ආරම්භ කරන ලද  ‘‘විජයානන්ද ඉරිදා බෞද්ධ පාඨශාලාව’’  සංවිධානාත්මක පදනමකින් ආරම්භ කර අද දක්වාම අඛණ්ඩව පවත්වාගෙන එන හෙයින් ‘‘විජයානන්ද ඉරිදා පාඨශාලාව’’ ශ්‍රී ලංකාවේ වර්තමාන දහම් පාසල් අධ්‍යාපනයේ සමාරම්භක අවස්ථාව වශයෙන් සැලකේ. ඒ අනුව එම දිනය වන 1895 අගෝස්තු 03 දහම් පාසල් දිනය ලෙස රජය ප්‍රකාශයට පත් කර ඇත.

දහම් අධ්‍යාපනය වැඩිදියුණු කර සංවර්ධනය කිරීම බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව පිහිටුවීමේ එක් ප්‍රධාන  අරමුණකි. එම දහම් අධ්‍යාපනය වැඩිදියුණු කර නිපුණතා වලින් පරිපුර්ණ දරු දැරියන්  රටට දායාද කිරීමේ අරමුණ සහිතව සමස්ත ලංකා දහම් පාසල් සිසු නිපුණතා මාලාව වාර්ෂිකව සංවිධානය කර පවත්වනු ලැබේ. මේ වනවිට බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි ක්‍රියාත්මක දහම්පාසල් 10,116ක සිසු දරුදැරියන් 2,233,804අධ්‍යාපනය ලබන අතර ගුරුභවතුන් 128,247  ක් ඉගැන්වීම් කටයුතු සිදු කරනු ඇත. මෙම සියලු දහම් පාසල් දරුවන් සිසු නිපුණතා වැඩසටහනට දායක කර ගනිමින් ප්‍ර‍ධාන අදියර 03ක් යටතේ ඇගයීම් පවත්වයි. මෙම වැඩසටහන සඳහා දහම් දැනුම, රචනා, චිත්‍ර, ගායනා ඇතුලත් ඉසව් 41ක් ක්‍රියාත්මක වේ. මේ වන විට ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩල 322හි  සිසු නිපුණතා ඇගයීම් පවත්වා එමගින් නිපුණතා පෙන්වු  දරුදැරියන් දිස්ත්‍රික් මට්ටමින් ඇගයීම් කර අවසන් කර ඇත. දිස්ත්‍රික් සිසු නිපුණතා ඇගයීම් වලදී ප්‍රථම ස්ථානය ලබා ගත් දරු දැරියන් ජාතික මට්ටම සඳහා සුදුසු කම් ලබන අතර ජාතික දහම් පාසල් සිසු නිපුණතා ඇගයීම හා සමාප්ති උත්සවය වවුනියාව, ඊරට්ටපෙරියකුලම පැරකුම් මහා විද්‍යාලයේ දී 2019.12.25,26,27 යන දිනයන්වල පැවැත්වීමට සැලසුම් කර ඇත. වැඩි විස්තර සදහා