දහම් පාසල් ලියාපදිංචිය

දරුවන්ගේ සදාචාරාත්මක ගුණ දහම් වර්ධනය කිරීමට දහම් පාසල මහෝපකාරී වේ. ඒ අරමුණින් ආරම්භ කරන ලද සියලුම දහම් පාසල් බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කරනු ලබයි. ලියාපදිංචියෙන් අනතුරුව දහම් පාසල පවත්වාගෙන යාමට අවශ්‍ය පෙළපොත්, නාමලේඛන ආදී අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ලබා දීම සඳහා වාර්ෂික තොරතුරු ලබා ගැනීම සිදු කරනු ලබයි.

දහම් පාසල් ශ්‍රේණි විභාග පැවැත්විම

දහම් පාසලෙහි ඉගෙනුම ලබන දරුවන්ගේ දහම් දැනුම පරීක්ෂා කිරීම සඳහා මෙම විභාගය පැවැත්වේ.

දහම් පාසල් ගුරු සිසු තොරතුරු රැස්කිරිම හා පවත්වාගෙන යාම

දිවයින පුරා ඇති දහම් පාසල් වල ඉගෙනුම ලබන ශිෂ්‍යයින් සහ ගුරුවරුන් පිළිබඳ සංඛ්‍යා ලේඛන පවත්වා ගෙන යාම මෙම වැඩසටහන මඟින් සිදු කෙරේ. එමගින් දහම් පාසල් ගුරුවරුන් හා ශිෂ්‍යයින් පිළිබඳ තොරතුරු ලබා ගෙන ඔවුන් සම්බන්ධව ඉදිරි කටයුතු සැළසුම් කිරීමට ඉඩ ප්‍රස්ථාව සැළසේ.

දහම් පාසල් ගුරු සහතිකපත්‍ර විභාගය

මෙම විභාගය පැවැත්වීමෙන් පහත අරමුණු සාක්ෂාත් කර ගැනීම අපේක්ෂා කෙරේ.

 දැනට සේවයේ නියුතු දහම් පාසල් ගුරු භවතුන්ගේ අධ්‍යාපන සුදුසුකම් ඉහළ දැමීම.

 දහම් පාසල්හි ඉගැන්වීම් කටයුතු වල නිරත වන ගුරු භවතුන්ගේ සේවය අගය කිරීම.

 ගුරු භවතුන්ගේ දැනුම තව දුරටත් වර්ධනය කිරීම හා උසස් අධ්‍යාපනයට නැඹුරු කිරීම.

දහම් පාසල් ගුරු භවතුන් සඳහා සමාජ පිළිගැනීමක් ඇති කරලීම හා එමඟින් ඔවුන්ගේ සේවාව ජනතාවගේ ඇගයීමට ලක්   කිරීම

දහම් පාසල් සිසු නිපුණතා ඇගයීම

දහම් පාසල් සිසු දරු දැරියන්ගේ දැනුම වර්ධනය කිරීම උදෙසාත්, බුදු දහමේ ඉගැන්වීම් ප්‍රායෝගිකව යොදා ගැනීම උදෙසාත්, නැණ ගුණ සපිරි දරු පරපුරක් බිහි කිරීම උදෙසා වාර්ෂිකව පවත්වනු ලබන දහම් පාසල් සිසු නිපුණතා ඇගයීමේ වැඩසටහන මෙම වර්ෂයේ ද අති සාර්ථකව පවත්වනු ලැබීය.

මෙම සිසු නිපුණතා ඇගයීම පවත්වන්නේ දහම් පාසල්, ප්‍රාදේශීය, දිස්ත්‍රික් හා සමස්ත ලංකා වශයෙන් අදියර හතරකිනි.

දහම් පාසල් පෙළ පොත් මුද්‍රණය

සදාචාරවත් සමාජයක් බිහි කිරීම උදෙසා අත්‍යවශ්‍ය වන දහම් පාසල් අධ්‍යාපනය වැඩි දියුණු කිරීම අරමුණු කර ගෙන දහම් පාසල් පෙළ පොත් මුද්‍රණය හා දහම් පාසල් වෙත බෙදා හැරීම මෙම දෙපාර්තමේන්තුව මඟින් සිදු කරනු ලබයි.