font sinhalagovlkfont tamil

දැක්ම / මෙහෙවර

දැක්ම

"බොදු පිළිවෙත් සුරකින සමාජයක් උදෙසා"

 

මෙහෙවර

“සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය, ප‍්‍රවර්ධනය, උන්නතිය සඳහා වන කාර්යයන් හා කර්තව්‍යයන් මැනවින් සංවිධානය කොට
ක‍්‍රියාත්මක කරලීම තුළින් දේශීය හා විදේශීය බෞද්ධ ජනතාවගේ ප‍්‍රබෝධයට හේතුවන දැහැමි හා ගුණගරුක සමාජයක් බිහිකර ආදර්ශමත් බෞද්ධ සමාජයක අඛණ්ඩ පැවැත්ම සාක්ෂාත් කරලීම”

 

අරමුණු

1.ථෙරවාදි බුදුදහම ආරක්ෂා කිරිම.

2.සාංඝික දේපල සුරක්ෂිත කිරිම සංවිධානය කිරිම හා ඒවා සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය සදහාම යෙදවීම.

3.බෞද්ධ සාරධර්ම අගයන ගුණගරුක නිර්මාණශීලී ජන සමාජයක් ඇති කිරිම.

4.බුද්ධ ශාසනය හා අනාදිමත් කාලෙකසිට බැදුණු අනෙකුත් මතවාදයන් කාලීන අවශ්‍යතාවයන්ට ගැළපෙන පරිදි පවත්වා
ගෙන යාමපෝෂණය කිරිම හා වර්ධනය කිරිම.

5.බෞද්ධ සාහිත්‍ය හා කලා ශිල්ප සංරක්ෂණය කිරිම පෝෂණය කිරිම හා වර්ධනය කිරිම.

6.සංවිධානාත්මක හා නුතන තාක්ෂණයට අනුකූල බෞද්ධ ආර්ථිකයක් ගොඩනැගීම සදහා බෞද්ධ ජනතාව පෙලගැස්වීම
හා මෙහෙයවීම