කුසලස්ස උපසම්පදා

.

.

පොළොන්නරුව රන්කොත් වෙහෙර

.

.

පොළොන්නරුව

.

.

නවතම සිදුවීම් සහ ස්ථාන

අංජලීකරණී - සිල්මාතා පුහුණු ආධ්‍යත්මික සංවර්ධන වැඩසටහන - 2 අදියර
අංජලීකරණී - සිල්මාතා පුහුණු ආධ්‍යත්මික සංවර්ධන වැඩසටහන - 2 අදියර
කුසලස්ස උපසම්පදා - නවක උපසම්පදා ස්වාමින් වහන්සේලා පුහුණු කිරීමේ ජාතික වැඩසටහන 3 අදියර
කුසලස්ස උපසම්පදා - නවක උපසම්පදා ස්වාමින් වහන්සේලා පුහුණු කිරීමේ ජාතික වැඩසටහන 3 අදියර නවක උපසපන් ස්වාමින් වහන්සේලා පුහුණු කිරීමේ ජාතික වැඩසටනේ 3 අදියර 2022.03.20 සිට 2022.03.27 දින දක්වා පන්නිපිටිය දෙව්රම් මහා විහාරස්ථානයේදී පැවැත්වේ. නේවාසික පුහුණුවක් වන මෙම වැඩසටහන යටතේ විහාර කළමණාකරණ පිළිබඳ විශේෂ පුහුණුවක් හා දේශණයක් කැලණිය රජමහා විහාර පරිශ්‍රයේදී 2022.03.24 දින පැවැත්වේ. සියලු සම්පත්දායකත්වය ගෞරවණීය ස්වාමින් වහන්සේලා විසින් සිදුකරනු ලබන අතර අනාගත ශාසනභාරධාරී ථෙරවාදී භික්ෂු පරපුරක් ඇතිකරලීම මෙහි මුඛ්‍ය අරමුණවේ.

අපගේ නවතම පුවත් සොයා ගන්න

කුසලස්ස උපසම්පදා - 04
කුසලස්ස උපසම්පදා - 04

කුසලස්ස උපසම්පදා - 04

නවක උපසම්පදා ස්වාමින් වහන්සේලා පුහුණු කිරීමේ ජාතික වැඩසටහන යටතේ 4 වන අදියර පසුගිය දා පැවැත්විය. පන්නිපිටිය දෙව්රම් මහා විහාරස්ථානයේදී 2022 ජුනි 18 සිට 24 දක්වා පැවැති වැඩසටහනට ස්වාමින් වහන්සේ 80 ක් සහභාගි විය. අමරපුර සිරි සද්ධම්මවංශ මහා නිකාය යටතේ උපසම්පදා සීලයෙහි පිහිට වූ භික්ෂූන් වහන්සේ විෂයෙහි පවත්වන ලද පුහුණු වැඩසටහන දේශන මෙන්ම ප්‍රායෝගික ක්‍රියාකාරම්වලින් සමන්විත විය.

විශේෂ විහාර චාරිකා වැඩසටහන මහරගම සිරි වජිරඥාන ධර්මායතන පරිශ්‍රයේදී පවත්වන ලදි. එම අවස්ථාවට පූජ්‍ය මහරගම ධම්මසිරි නායක ස්වාමින් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය මෙන්ම දායක කාරකාදීන් පිරිසක් සහභාගි විය. 

සමාප්ති උත්සවය පන්නිපිටිය දෙව්රම් මහා විහාරස්ථානයේදී 2022 ජුනි 24 දින පවත්වන ලදි. ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක ධූරන්ධර අතිපූජ්‍ය දොඩම්පහළ චන්ද්‍රසිරි මහානායක ස්වාමින් වහන්සේ, අමරපුර සිරි සද්ධම්මවංශ නිකායේ මහානායක ධූරන්ධර අතිපුජ්‍ය අහුන්ගල්ලේ සිරි සීලවිසුද්ධි මහානායක ස්වාමින් වහන්සේ, අමරපුර සිරි සුමන පාර්ශ්වයේ මහානායක ධූරන්ධර අතිපූජ්‍ය කොළොන්නාවේ සිරි සුමංගල මහානායක ස්වාමින් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය, බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ, බෞද්ධ කටයුතු කොමසාරිස් ( විහාර දේවාලගම් ) සහන් කුරුප්පු මහතා ඇතුළු සම්භාවනීය පිරිසක් සමාප්ති උත්සවය සඳහා සම්බන්ධ විය.

උතුම් ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේලා වැඩම කරවීමේ පිංකම
උතුම් ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේලා වැඩම කරවීමේ පිංකම

උතුම් ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේලා වැඩම කරවීමේ පිංකම

ශ්‍රී බුද්ධ වර්ෂ 2330 ( 2022) පොසොන් මහෝත්සවය නිමිත්තෙන් යාපනය ශ්‍රී නාග විහාරස්ථානයේ දී උතුම් සර්වඥ ධාතූන් වහන්සේලා ප්‍රදර්ශනය කරවීමට ජාතික උරුමයන් සුරැකීමේ සංවිධානය කටයුතු සංවිධානය කර ඇත. එම උතුම් ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේට 2022.06.10 දින කොළඹ 07 බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශ පරිශ්‍රයේදී පූජෝපහාර දැක්වීමක් සිදුවිය.

මෙම උතුම් පිකංමට  බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ගරු විදුර වික්‍රමනායක මැතිතුමා, අමාත්‍යාංශ ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා, බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම මහතා ඇතුළු පිරිසක් සහභාගි වූහ.

උතුම් ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ පෙරවරු 8.00 ට කොළඹ 02 ගංගාරාම විහාරස්ථ බේරේ වැව සීමාමාලකය වෙත පෙරහරින් වැඩමවා වඩා හිඳුවා විශේෂ පූජෝපහාර දැක්වීමක් ද සිදුකළේය. මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන ස්වාමින් වහන්සේ, හුණුපිටිය ගංගාරාමාධිකාරී ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජි ස්වාමින් වහන්සේ ඇතුළු මහාසංඝරත්න වැඩම කරවීමෙන් විශේෂ පූජෝපහාර වැඩසටහන සිදුකරන ලදි. 

අභිනව ලේකම්  සෝමරත්න විදානපතිරණ මහතා වැඩ භාරගනී
අභිනව ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා වැඩ භාරගනී

අභිනව ලේකම්  සෝමරත්න විදානපතිරණ මහතා වැඩ භාරගනී

සෝමරත්න විදානපතිරණ මහතා අද ( 2022.05.25) දින කොළඹ 07 ශ්‍රීමත් අනගාරි ධර්මපාල මාවතේ පිහිටි බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ අභිනව ලේකම් ලෙසින් වැඩභාර ගත්තේය. ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකු ලෙසින් විදානපතිරණ මහතා මන්නාරම, වව්නියා හා ගාල්ල දිස්ත්‍රික් ලේකම් ලෙස ද  වනජීවී හා වන සම්පත් රක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් ලෙසින් සිය රාජකාරි කටයුතු ඉටුකොට ඇත. කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදී ශිෂ්‍යයෙකු වන විදානපතිරණ මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කළමණකරන උපාධිය හා කැළණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ පශ්චාද් උපාධිධරයෙකි.

මෙම අවස්ථාවට කොළඹ නව කෝරළේ ප්‍රධාන අධිකරණ සංඝ නායක අතිපූජ්‍ය දිවියාගහ යසස්සී නායක ස්වාමින් වහන්සේ ඇතුළු පූජනීය මහා සංඝරත්නය, අන්‍යාගමික පූජකවරු ආශිර්වාද කළහ.  ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ගරු විදුර වික්‍රමනායක මැතිතුමා ඇතුළු අමාත්‍යාංශය යටතේ ඇති සියලු දෙපාර්තමේන්තු, ආයතන ප්‍රධානීන් හා සම්භාවනීය පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.

අපගේ කාර්ය මණ්ඩල තොරතුරු ගවේෂණය කරන්න

අපගේ කාර්ය මණ්ඩල විස්තර

පී. ඒ. මධුශංක මහතා
බෞද්ධ කටයුතු කොමසාරිස් (සංවර්ධන)
වසන්ත කුමාර ලියනගේ මහතා
කොමසාරිස් (දහම් පාසල්)
එල්.ඩී.පී.ප්‍රනාන්දු මහතා
ප්‍රධාන ගණකාධිකාරි
එම්.ටී.ඒ.යු.මුණවීර මහතා
සහකාර කොමසාරිස් (විහාර දේවාලගම්)
ඩබ්.එම්.ඒ.එච්. බණ්ඩාර
බෞද්ධ කටයුතු කොමසාරිස් ( මහනුවර ප්‍රාදේශීය කාර්යාලය )
ආර්. එම්. පී. රත්නායක
බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්
ජී.චන්ද්‍රසේන මහතා
ප්‍රධාන අභ්‍යන්තර විගණක